Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් UNHCR – Sri Lanka සමීක්ෂණ වාර්තාවක් නිකුත් කළා ද?

False
False

මැතිවරණයක් ආසන්න වන විට එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් වන සමීක්ෂණ සිදු වීම සාමාන්‍ය දෙයකි. සමහර සමීක්ෂණ වාර්තා සත්‍ය වශයෙන් ම කළ සමීක්ෂණ ප්‍රතිඵල වන අතර ඇතැම් වාර්තා ව්‍යාජ ලෙස සකස් කළ වාර්තා වන්නේ ය.

by Anonymous |

මැයි 15, 2024

මෙම වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද මේ වන විට සමීක්ෂණ වාර්තා නිකුත් වෙන්නට පටන් ගෙන තිබේ.

 

මේ අතර සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක් ඊයේ (14) සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වෙමින් පැවැතිණි.

සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ නිල මුද්‍රාව සහිත ලිපි ශීර්ෂයක පිටු 28 කින් සමන්විත වාර්තාවක් මෙලෙස හුවමාරු වෙමින් පැවැතිණි.

“UNHCR Sri lanka වාර්තාව පැයක් යන්නටත් කලින් ලීක් වෙයි. 2024 සජිත් ට ජය.මාලිමාව 339% ක ඡන්ද වර්ධනයක්.මිලියන දෙකකට වැඩි ඡන්දදායකයින් සමීක්ෂණයට.පොහොට්ටුව බිද වැටෙයි.” යනුවෙන් අරගල නිවුස් නැමැති සමාජ මාධ්‍ය පිටුවක සදහන් කර තිබිණි.

මෙම වාර්තාව විශ්ව විද්‍යාල සිසුන් 330 දෙනෙක් දින 20 ක් තුළ කළ සමීක්ෂණයක් බවත් සෑම දිස්ත්‍රික්කයකම සෑම මැතිවරණ කොට්ඨාශයක් ම නියෝජනය කරමින් ජනතා අදහස් ලබා ගෙන ඇති බව සදහන් කර ඇත.

මෙම වාර්තාවට අනුව පෙන්වා දෙන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වැඩිම ඡන්ද ප්‍රතිශතය වන සියයට 36.31 ක් ලබා ගන්නා අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 34.53 ක් ලබා ගන්නා බවයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සියයට 16.35 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයට පත් වන අතර ජාතික ජන බලවේගය සියයට 10.59 ප්‍රතිශතයක් ලබා ගනිමින් සිව් වැනි ස්ථානයට පත් වන බව සදහන් කර ඇත.

හුවමාරු වන මෙම සමීක්ෂණ වාර්තාව සත්‍ය වාර්තාවක් ද? යන්න පිළිබදව Fact seeker නිරීක්ෂණයක යෙදුනෙමු.

මෙහිදී සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවිය, මුහුණු පොත ඇතුළු නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළ අතර එහි කිසිදු වේදිකාවක එවැනි වාර්තාවක් සදහන් කර නොතිබුණි.

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඉහත සමීක්ෂණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සිදු නොකළ බව ත් එය සම්පූර්ණයෙන් ව්‍යාජ වාර්තාවක් බවත් ඔවුන් සිය නිල ‌‌‌‌මුහුණු පොතේ පළ කර තිබිණි.

ඒ අනුව සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තාවක් ප්‍රකාශයට පත් කර නැති බව Fact seeker තහවුරු කරයි.

 

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection