Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

Misleading
Misleading

පසුගියදා ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ දරුවෙකු පාසලේ දී අනෙකුත් දරුවන් ඉදිරියේ අපහසුතාවට පත්වන ආකාරයේ නොමගයවන සුලු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

දෙසැම්බර් 18, 2025

දිට්වා සුළිකුණාටුවත් සමග මෙරට පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයේදී විපතට පත්වූ දරුවෙකු, තමා මුහුණ දුන් අත්දැකීම රැස්වීමක දී හඩා වැටෙමින් දුක්මුසුව ඉදිරිපත් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.

පාසැල් නිල ඇඳුමෙන් සැරසී සිටි මෙම දරුවා යම් කිසි උත්සවයකදී තමා මුහුණ දුන් දුක්බර සිදු වීම  සභාවකදී පෙන්වන ආකාරය ඇතුළත් වීඩියෝවක් සමාජ  මාධ්‍ය ඔස්සේ මෙලෙස වේගයෙන් සංසරණය වන බව අපට නිරීක්ෂණය විය.ගුරුවරු දෙදෙනෙකු විසින් මෙම පාසල් සිසුවාට එම අත්දැකීම විස්තර කිරීමට පොළඹවන ස්වභාවයක් ද එහි දක්නට ලැබුණි.

මෙම වීඩියෝවට අදහස් දක්වා තිබූ සමාජ මාධ්‍ය පරිශීලකයින් එය ඉතා වැරදි ක්‍රියාවක් බව දක්වමින් ගුරුවරුන්ට චෝදනා කරමින් අදහස් පළ කර තිබුණි. එවන් තත්ත්වයකට පත්වූ දරුවෙකු අනෙක් දරුවන් ඉදිරියේ අපහසුතාවට පත්කිරීම නොමනා ක්‍රියාවක් බව ද එම අදහස් දැක්වීම් වල ඇතුළත් විය.

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුවිය යුතු බවට අදාළ පාස‌ල විසින් FactSeeekr වෙත කරනු ලැබූ ඉල්ලීමක් අනුව පාසලේ අනන්‍යතාවය හෙළි නොකරමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම් සිදු කෙරිණී.

මෙම සිදුවීම සිදුවී ඇති පාසල පසුගිය දා ඇතිවූ ආපදා තත්වයට හසු නොවූ පාසලක් වන අතර මෙවැනි ක්‍රියාවක් සත්‍ය ලෙසම සිදුවී ඇත්ද? යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමේදී පාසලේ විදුහල්පතිනිය පවසා සිටියේ, එය උදෑසන රැස්වීමේ නාට්‍යානුසාරයෙන් කරන ලද රංගනයක් බවයි.

2025.12.16 වන දින උදෑසන රැස්වීමේදී පාසලේ වීදි නාට්‍ය කණ්ඩායම සහ පාසලේ ශිෂ්‍ය උපදේශනය භාර ගුරුවරිය හා තවත් ගුරුවරයෙකු එක්ව මෙම ඉදිරිපත් කිරීම සංවිධානය කර ඇති අතර ඊට යොදාගෙන ඇත්තේ පාසලේ වීදි නාට්‍ය කණ්ඩායමේ සිසුවෙකි. අදාළ සිසුවා කිසිදු ආපදා තත්ත්වයකට මුහුණ නොදුන් සිසුවෙකු බවද විදුහල්පතිවරිය කරුණු දක්වමින් සඳහන් කළාය.

පාසලේ ආපදා තත්වයකට මුහුණ දුන් සිසුන් සිටින්නේද ? යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඇය සඳහන් කර සිටියේ සිය පාසලේ කිසිදු සිසුවෙකු මෙම ආපදා තත්ත්වයට මුහුණ නොදුන් බවත් මෙය ආපදා තත්වයට මුහුණ දුන් දරුවන්ගේ තත්ත්වය පිළිබදව සහ ආපදා තත්වය පිළිබදව දරුවන් තුළ සහකම්පනය ඇති කිරීම සදහා කරනු ලැබූවක් පමණක් බවයි .

එම උදෑසන රැස්වීම පැවැත්වීමේ දී අනුගමනය කරන ලද න්‍යාය පත්‍රයද අපට සොයා ගැනීමට හැකිවිය.

ඒ අනුව ආපදා තත්ත්වයට මුහුණ දුන් සිසුවෙකු ගුරුවරුන් විසින් අපහසුතාවයට පත්කරමින් උදෑසන රැස්වීමේ දී ඒ අවස්ථාව පැහැදිළි කරන වීඩියෝවක් බව නොවන අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු වීඩියෝව උදෑසන රැස්වීමේදී ඉදිරිපත් කළ රංගනයක කොටසක් පමණක් බවත් FactSeeker අනාවරණය කරගන්නා ලදී.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

ත්‍රිකුණාමලයේ සිදුවිම සම්බන්ධයෙන් සජිත් ,දයාසිරි , නලීන් පාර්ලිමේන්තුවේදී පවසන කරුණු නොමග යවන සුලුයි.

නොවැම්බර් 21, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection