Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

අලුත්කඩේ ඝාතනයේ තුවක්කුකරු හිටපු කමාන්ඩෝ සෙබලෙකු නොවේ

Misleading
Misleading

විශේෂ ගණයේ සැකකරුවෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා ඊයේ (19) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් විය. මෙම ඝාතනයේ සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගැනිණි.

by Anonymous |

පෙබරවාරි 20, 2025

මෙම සැකකරු හිටපු කමාන්ඩෝ සෙබලෙකු ලෙස ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක සහ සමාජ මාධ්‍යවල හඳුන්වා තිබූ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහු හිටපු විශේෂ බලකා සෙබලෙකු ලෙසයි.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ ඊට පරස්පර වාර්තා නිරීක්ෂණය කිරීමෙන් පසුව FactSeeker එහි කරුණු පරීක්ෂා කළේය.

 

ඒ අනුව, FactSeeker මේ සම්බන්ධව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විමසීමක් කළෙමු.

එහිදී යුද්ධ හමුදාව පාර්ශ්වයෙන් ප්‍රකාශ කළේ, මෙම පුද්ගලයා කමාන්‌ඩෝ රෙජිමේන්තුවේ සෙබලෙකු ලෙස පුහුණුවට එක් වී සිටි අයෙකු බවයි. පසුව ඔහු එම පුහුණුව අතරතුර පලාගොස් ඇත. හමුදා සෙබලුන් සඳහා ලබාදුන් පොදු සමා කාලයක් තුළදී ඔහු නැවත අදාළ රෙජිමේන්තුවට භාර වී ඇති අතර පසුව නීත්‍යනුකුලව ඉන් ඉවත් වී ඇත.

ඒ අනුව, මෙම සැකකාර තැනැත්තා කමාන්ඩෝ පුහුණුව සඳහා සම්බන්ධ වී සිට ඉන් පලාගොස් පසුව නීත්‍යනුකුලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත් කරනු ලැබූවෙකු බව FactSeeker වෙත තහවුරු විය.

ඒ අනුව, සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය හරහා දක්වා ඇති ආකාරයට මෙම සැකකරු හිටපු කමාන්ඩෝ සෙබලෙකු නොවන බවත් අදාළ මාධ්‍ය වාර්තා නොමගයවනසුලු බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection