Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

අයිස්ලන්තයෙන් මෙරටට පැමිණි පළමු සංචාරක පිරිස ?

Misleading
Misleading

ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණ ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය පෝස්ටු කිහිපයක් හුවමාරු වෙමින් පැවැතිණි.

by Anonymous |

නොවැම්බර් 12, 2024

මෙතැනින් –

https://www.facebook.com/share/p/1GKrKvJA4n/

https://www.facebook.com/share/p/1XnNkB7M7z/

https://www.facebook.com/share/p/1D5G5GJWLh/

ඒ අනුව අයිස්ලන්තයෙන් මීට පෙර සංචාරකයින් මෙරටට නොපැමිණියේද? යන්න පිළිබඳව Factseeker විමර්ශනයක යෙදුනි.

මෙම පෝස්ටුවලට අදාළව ප්‍රවෘත්ති ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල සහ වෙබ් අඩවිවල ද පල කර තිබෙන බව Factseeker නිරීක්ෂණය කළේ ය.

https://bit.ly/4fAw6ww

https://mawbima.lk/2024/11/05/tourists-arrive-from-iceland/

https://www.virakesari.lk/article/197946

 

Factseeker මේ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියෙන් කළ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ, ඒ ඒ රටවලට අදාළව සංචාරකයින්ගේ පැමිණීම පිළිබඳ සියලු දත්ත වෙබ් අඩවියේ යාවත්කාලීන කර ඇති බවයි.

https://www.sltda.gov.lk/en/statistics

ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියෙන් ලබාගත් දත්ත පහත පරිදි දැක්විය හැක.

මේ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමේදී මෙම ඡායාරූපයේ දැක්වෙන බැනරය සඳහා යොදා ගෙන ඇති වචන දෙස Factseeker අවධානය යොමු කළේ ය. එම බැනරයේ සඳහන් boenda යන වචනය අයිස්ලන්තයේ සංචාරක නියෝජිත ආයතනයක නම බව සොයා ගැනීමට හැකි විය.

එම නියෝජිත ආයතනය https://www.baendaferdir.is/

දෙවනුව මෙම පිරිස උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට හා මෙරටට පැමිණි පළමු කණ්ඩායම ලෙස සැලකීමට හේතුව කුමක්දැයි සොයා බැලීය.

ඒ සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂිකා මධුභානි පෙරේරා මහත්මිය අපි දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තෙමු. එහිදී ඇය ප්‍රකාශ කළේ, මෙය රාජ්‍ය අනුග්‍රහය මත සිදු වූවක් නොවන බවයි.

මෙම කණ්ඩායම මෙරටට පැමිණ ඇත්තේ විදේශ සංචාරක සමාගමක් වන ජෙට්වින් ට්‍රැවල්ස් සමගය. එම නිසා අපි එම සමාගමේ මෙම සංචාරය සංවිධානය කළ විසේගන් සිවකුමාර් මහතාගෙන් විමසීමක් කළෙමු .

ඔහු පැවසූ පරිදි මෙම අයිස්ලන්ත සංචාරකයින් පිරිස “යෝග” භාවනා වැඩසටහනක් සඳහා මෙරටට පැමිණ ඇත. මොවුන් Jetwin Travels සමග මෙරටට පැමිණි පළමු අයිස්ලන්ත සංචාරකයින් පිරිස බව ද ඔහු පැවසීය.

Jetwin Travels සමාගමේ සංචාරක සත්කාරය සපයන පළමු අයිස්ලන්ත කණ්ඩායම මෙම පිරිස බැවින් එම සමාගමේ ඉල්ලීම පරිදි විදේශ සේවා ප්‍රවර්ධන කාර්යාංශය හා  එක්ව ඔවුන් මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර ඇත.

මෙම කරුණු විමර්ශනය කර බැලීමේ දී මෙම අයිස්ලන්ත සංචාරක කණ්ඩායම ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක කණ්ඩායම නොවන අතර Jetwin Travels සමග පැමිණි පළමු සංචාරක කණ්ඩායම බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

මැයි 28, 2025

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

මැයි 27, 2025

සමාජ මාධ්‍ය වල සංසරණය වන දළදා වහන්සේගේ වීඩියෝ අනුරූ පමණි.

අප්‍රේල් 25, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection