Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

අමුමිරිස්වලින් නිර්මාණයක් කළ අත්තම්මා කවුද?

False
False

තඹුත්තේගම කාන්තාවක් අමු මිරිස්වලින් කළ නිර්මාණයක් බව සදහන් කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු වන ඡායාරූපයක් factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

ජූනි 27, 2024

මෙය තඹුත්තේගම සිදු වූවක් බව පිරිසක් සදහන් කර ඇති අතර තවත් පිරිසක් සදහන් කර තිබුණේ, මෙය බදුල්ලේ සිදුවූවක් බවයි.
මෙසේ හුවමාරුවන පෝස්ට්තුළ සඳහන්ව ඇත්තේ මෙසේය

“පිට රටක කියලද හිතුවේ මේ ලංකාවේ බදුල්ලේ අත්තම්මා කෙනෙක්. එයා එයාගේ පලවෙනි අමුමිරිස් අස්වැන්නෙන් මේ නිර්මාණය කරේ හෙලුවැලිදේවල් අගය කරත් මේක අගය කරන්න කවුරුත් නැතිවෙයි. කමක් නෑ. අත්තම්මට බුදුසරණයි.”

තඹුත්තේගම සිදුවීමක් බවට සඳහන් වන පොස්ටුවේ මෙසේ සඳහන් වේ,

“තඹුත්තේගම යකඩ ගැහැණිය”
අමුමිරිස් හේනේ අස්වැන්නෙන් මේ වගේ නිර්මාණයක් කරපු තඹුත්තේගම අත්තම්මාගේ හැකියාව අගය කරමු. වයසට නොගිය හැකියාව”

මේ පිළිබඳ factseeker සොයාබැලු අතර බැලු බැල්ලමට මෙය සාමාන්‍ය ඡායාරූපයකට වඩා වෙනස්කමක් ඇති බව නිරීක්ෂණය විය. එමෙන්ම එහි බාහිර පරිසරයේ ද වෙනස්කම් ඇති අතර එය තඹුත්ගේම දුම්රිය ස්ථානය නොවන බව ඒ අනුව නිරීක්ෂණය විය.

මෙය AI තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය නරන ලද්දක් දැයි සොයා බැලු අතර මෙය AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද්දක් බව තහවුරු විය. මෙය Google image search හරහා සොයා බැලීමේදී ඉන්දියාව ඇතුළු වෙනත් රටවල මෙම නිර්මාණයට සමාන නිර්මාණ මීට පෙර සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී ඇති බව ද නිරීක්ෂණය විය.

ඒ අනුව මෙය AI තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය නරන ලද්දක් බව factseeker තහවුරු කරයි

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection