Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

“අපට රට හදලා පුරුද්දක් නැහැ” යනුවෙන් අගමැතිනි හරිනි කිව්වේ නෑ

Misleading
Misleading

"අපට රට හදලා පුරුද්දක් නැහැ" අභිනව අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරිය ප්‍රකාශ කළ බව සඳහන් කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

සැප්තැම්බර් 25, 2024

හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසුව මෙය වඩාත් වේගයෙන් හුවමාරු වන බැවින් මේ බව සොයා බැලීමට factseeker කටයුතු කළේ ය.

“අපට රට හදලා පුරුද්දක් නැහැ. අපි ඒක ඉස්සරහට අත්දැකීමෙන් ඉගෙන ගන්නවා. හරිනි අමරසුරිය ( විදෙස් මාධ්‍යෙව්දියා අමුතු විදිහට සිනහා වෙයි) යනුවෙන් හුවමාරු වූ එම පෝස්ටුවේ සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත්දැයි සොයා බැලු අතර එවැන්නක් සොයා ගැනීමට නොහැකි විය. ජාතික ජන බලවේගය  ජනාධිපතිවරණය  ජයග්‍රහණය කිරීමෙන් පසුව  ආචාර්ය හරිනි අමරසුරිය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන අවස්ථාවේදී ඇය BBC මාධ්‍යයට ඉංග්‍රිසි භාෂාවෙන් දැක්වු අදහස් සහිත විඩියෝවක් factseeker නිරීක්ෂණය කළ අතර එහි මෙසේ සදහන් වේ. එම සබැදිය මෙතැනින් – https://www.facebook.com/share/v/dSj6Je8Uv4rm1orK/?mibextid=D5vuiz

ප්‍රශ්නය – මීලඟ ආණ්ඩුවේ අත්දැකීම් ගැන විවේචකයෝ කතාවෙනවා. ඒගැන ඔබේ අදහස් මොනවාද?

පිළිතුර –  රට බංකොළෝ කිරීම ගැන නම් අපිට සහතිකවම අත්දැකීම් නැහැ. නමුත් අපි රට ගොඩනැගීමෙන් අත්දැකීම් ලබා ගන්නවා.

මෙම පෝස්ටුව සම්බන්ධයෙන් ආචාර්ය හරිනි අමරසුරියගෙන් factseeker විමසු අතර එවැන්නක් නොපැවසු බව ඇය ප්‍රකාශ කළ අතර රට බංකොළොත් කිරීමේ අත්දැකීම් නොමැති බව ප්‍රකාශ කළ බවද ඇය තවහුරු කළේය.

ඒ අනුව “අපට රට හදලා පුරුද්දක් නැහැ” යනුවෙන් ආචාර්ය හරිනි  අමරසුරිය මහත්මිය ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍යෙය් හුවමාරු වන සටහන් අසත්‍ය බව factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection