Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

අනුර – සජිත් විවාදය ජුනි 31 දා ද?

False
False

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත විවාදයක් සම්බන්ධයෙන් මේ දිනවල කතා බහක් ඇති වී තිබේ.

by Anonymous |

අප්‍රේල් 24, 2024

මෙම විවාදය සදහා තමා සූදානම් බව අනුර කුමාර දිසානායක මහතා විසින් කැමැත්ත පළ කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්සගේ අත්සනින් යුත් ලිපියක් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත යොමු කර තිබිණි.

 

මේ අතර තුර අදාළ විවාදය සදහා තමාට ජුනි 31 වෙනිදා සහභාගි විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අත්සනින් යුතුව අනුර කුමාර දිසානායකට යැවූ ලිපියක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවිතී.

ජුනි මාසය දින 30 කින් යුක්ත වන අතර ජුනි 31 වෙනිදා දිනයක් දින දර්ශනයේ නොමැති බැවින් මේ පිළිබද සොයා බැලීමට Factseeker පියවර ගත්තේ ය.
ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමකදී ඔවු න් ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාස විසින් මෙවැනි ලිපියක් නොයැවූ අතර හුවමාරු වන මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බවයි.

එමෙන්ම සමගි ජන බලවේගය පාර්ශවයෙන් මෙතෙක් විවාදය සදහා දිනයක් ලබා දී නැති බව ද එම මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ ය.

ඒ අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන මෙම ලිපිය ව්‍යජ ලිපියක් බව Factseeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

ඔක්තෝබර් 22, 2025

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මියගිය බවට සදහන් සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි

ඔක්තෝබර් 20, 2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි.

ඔක්තෝබර් 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection