Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

අනුර , දිලිත් සමග සංවාදයකට බෑ කිව්වේ නෑ.

False
False

තමා සමග සජීවී රූපවාහිනී සංවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර විසින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට කළ ඉල්ලීම ට අනුර කුමාර දිසානායක ප්‍රතික්ෂේප කළ බව වෙබ් අඩවිවල සදහන් වී තිබිණි.

by Anonymous |

ජනවාරි 10, 2024

මේ සම්බන්ධයෙන් ‘සතිය’ වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය වී තිබුණේ,  “දිලිත් සමග සංවාදයකට අනුර බෑ කියයි” යනුවෙනි. එමෙන්ම දිලිත් ජයවීර කර ඇති අභියෝගය අනුර කුමාර දිසානායක විසි් ප්‍රතික්ෂේප කර තිබෙන බව ද එහි සදහන් කර ඇත.

මේ අතර ‘ලංකා සී නිව්ස්’ වෙබ් අඩවිය ද මේ සම්න්ධයෙන් ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. ඔවුන් ද සදහන් කර ඇත්තේ, අනුර කුමාර දිසානායක විසින් මෙම අභියෝගය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇත්තේ, ඉකුත් 08 දා (පෙරේදා) “සියත” රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “Turning point” සජීවී දේශපාලන සංවාදයේදී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඔහු එහිදී ප්‍රකාශ කළේ, “මම එයාට කියන්නේ නගර සභාවට ඉල්ලලා මන්ත්‍රී ධූරයක්වත් අරන් එන්නකෝ අප්පා. මොනවද මේ කතා. ප්‍රාදේශීය සභාවක්වත් දිනලා එන්න කියන්න.” යනුවෙනි.

එම වීඩියෝව මෙතැනින් – https://youtu.be/XaOyYR35QMQ?t=5294

එමෙන්ම Fact seeker මේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමකදී ඔවුන් සදහන් කළේ, එම සංවාදය සහභාගී වන්න නම්, නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධූරයක්වත් අරන් එන්නැයි  අනුර කුමාර දිසානායක මහතා පැවැසූ බවයි.

ඒ අනුව අනුර කුමාර දිසානායක, දිලිත් ජයවීර සමග සංවාදය ප්‍රතික්ෂේප කළ බව පැවැසෙන ප්‍රවෘත්ති අසත්‍ය බව  Fact seeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection