අනුර කුමාර දිසානායක පසුගියදා ඇති වූ ගංවතුරේදී ආධාර බෙදුවා ද?
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ගංවතුරෙන් පීඩාවිදින පිරිසකට ආධාර ලබාදෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පැවැතිණි.
by Anonymous |
ජූනි 11, 2024
මෙය සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගත් බොහෝ දෙනා ඒ සදහා විවිධ අර්ථකතන ලබා දී තිබෙන බව factseeker නිරීක්ෂණය කළේ ය.
පසුගිය සතියේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ගංවතුර තත්වයක් ඇති වූ අවස්ථාවේ අනුර කුමාර දිසානායක ජනතාව අතරට ගොස් ආධාර බෙදා දී ඇති බව සඳහන් කරමින් මෙම ඡායාරූප හුවමාරු වී තිබිණි.
මෙහි සත්‍ය අසත්‍යතාව සොයාබැලීමට factseeker කටයුතු කළ අතර එහිදී අනාවරණය වුයේ මෙම ඡායාරූප 2016 ඇතිවු ගංවතුරේදී ආධාර බෙදා දුන් අවස්ථාවේදී ලබාගත් ඡායාරූප බවයි.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මුලස්ථානයෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ද මෙම ඡායාරූප මෙම වසරේ නොව 2016 වසරේදී කළ ක්‍රියාකාරකමකදී ගත් ඡායාරූප බව තහවුරු කළේය.
ඒ අනුව අනුර කුමාර දිසානායක ආධාර ලබාදෙන මෙම ඡායාරූප පසුගියදා ඇතිවූ ගංවතුරු අවස්ථාවේදී ගත් ඡායාරූප නොව 2016 වසරේදී ගත් ඡායරූප බව factseeker තහවුරු කරයි.