Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

අනුර කුමාර දිසානායකට සමන්තුරේදී ප්‍රහාරයක් එල්ල වුණාද?

Misleading
Misleading

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී වූ ජන රැළියකදී ඔහුට ගල් ප්‍රහාරයක් එල්ල වූ බව දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

by Anonymous |

සැප්තැම්බර් 18, 2024

මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව  FactSeeker සොයා බැලුවෙමු.

එහිදී අනාවරණය වූයේ, මෙම සිදුවීම ඉකුත් 13 වන දින සමන්තුරෙයිහි දී පැවති ජාතික ජන බලවේග රැළියකදී වූ සිදුවීමක් බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ ඉහළ අහසේ යම් සැක කටයුතු යමක් පිළිබඳව සංවිධායකයින් විමසිලිමත් වන ආකාරයක් අපට දැකගත හැකි විය. එමෙන් ම සුළු වේලාවකට අනුර කුමාර දිසානායක ද සිය කතාව නතර කර ආරක්ෂා වන ආකාරයක් ද පෙනෙයි.

අනතුරුව අනුර කුමාර දිසානායක පිරිස සන්සුන් කර සිය කතාව පවත්වා අවසන් කර එම ස්ථානයෙන් බැහැර වන ආකාරයද එම එක් වීඩියෝවක දැක්විණි.

එම වීඩියෝව මෙතැනින් – https://youtu.be/RjwtG9P7kvA?si=cnwpGhUbIGqiXEPc

ජාතික ජනබලවේගයේ සමන්තුරෙයි රැලියේ සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෙකු මෙම සිදුවීම සම්බන්ධයෙන් FactSeeker වෙත අදහස් දැක්වීය. ඔහු ප්‍රකාශ කළේ, ඉහළ අහසේ ගමන් කළ වස්තුව ඩ්‍රෝන යානාවක් බවට ඔවුන් මුලින් සැක පළ කළ ද පසුව ඒ කුරුල්ලෙකු බව හඳුනාගත් බවයි.

මේ පිළිබඳව සමන්තුරෙයි පොලිස් ස්ථානයෙන් අප කළ විමසීමකදී එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩී.එස්. ජයලත් සඳහන් කළේ, ඔහු ඇතුළු නිලධාරීන් මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ එහි රැඳී සිටි බවයි. එහිදී කිසිදු ගල් ප්‍රහාරයක් හෝ මැර ප්‍රහාරයක් සිදු නොවූ බව ඔහු තහවුරු කළේය.

එමෙන්ම කිසිදු ඩ්‍රෝන යානයක් එහි පියාසර නොකළ බවත් කුඩා එළියක් දල්වමින් අහසේ පියාසර කළ පරෙවියෙකු නිසා යම්කිසි නොසන්සුන්තාවක් ඇති වූ බව ත් ඔහු ප්‍රකාශ කළේය.

එම ප්‍රදේශයේ දරුවන් පරෙවියන් යොදාගෙන උන්ගේ කකුල්වල LED පරිපථ ගැට ගසා පියාසර කරවන බවත්, එය එම ප්‍රදේශයේ සාමාන්‍ය විනෝද ක්‍රියාකාරකමක් බවත් පැවසූ ස්ථානාධිපතිවරයා එහි සිටි පරෙවියන් දෙදෙනෙකු අල්ලාගෙන පරීක්ෂා කළ අතර එහිදී සැකකටයුතු කිසිවක් හමු නොවූ බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව එම අනුර කුමාර දිසානායකගේ ජන රැළියට එල්ල වූ ගල් ප්‍රහාරයක් හෝ මැර ප්‍රහාරයක් නොවන බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection