Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

අති උතුම් “පාප්” පදවිය සඳහා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ පත්වූ බවට පළ වන පුවත් අසත්‍යයි!

False
False

"පාප්" තනතුර සඳහා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පත්ව ඇති බවට සමාජ මාධ්‍යයේ පළ වන පුවත් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

by Anonymous |

මැයි 7, 2025

“පාප්” ධූරය යනු කතෝලික සංඝ සභාවේ නායකත්වය මෙන්ම වතිකානුවේ රාජ්‍යත්වය යි. පාස්කු සඳුදා දින අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ 267වන අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැණීම සඳහා ලොව වටා කාදිනල් වරුන්ගෙන් 133කුගෙන් සමන්විත සංඛ්‍යාවක් සිස්ටයින් දේවස්ථානයට පැමිණ සිටී.

පාප් ධුරය සඳහා අපේක්ෂිත කාදිනල්වරුන්ගේ නම් සහ  තොරතුරු ලැයිස්තුව  මෙතැනින්:

https://www.catholic-hierarchy.org/bishop/scardc3.html

මෙය කතෝලික ජනතාවට ඉතාම උණුසුම් පුවතක් ව තිබෙන මොහොතක කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ මේ වන විටත් “පාප්” තනතුරට පත් කර ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ පළ කිරීම් හුවමාරු වන අකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

නමුත් විදෙස් මාධ්‍ය යාවත්කාලීන වීම්වල නව පාප්වහන්සේ පත් කර ඇති බවට නිල වශයෙන් දැක්වෙන පුවත් කිසිවක් පළ වී නොමැති බව FactSeeker  කළ නිරීක්ෂණයේදී තහවුරු විය.එසේම නව පාප්වහන්සේ පත්කිරීම සඳහා වන කොන්ක්ලේව් (Conclave) සමුළුව 2025 මැයි මස 07වන දින එරට වේලාවෙන් උදෑසන 10ට ශාන්ත පීතර බැසිලිකාවේදී මහජන ශුද්ධ දිව්‍ය පූජාවකින් ආරම්භ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එය මෙරට වේලාවෙන් පස්වරු 1.30 පමණ වෙයි.

මේ පිළිබඳ යාවත්කාලීන විදෙස් පුවත් කිහිපයක් මෙතැනින්:

https://www.bbc.com/news/articles/c15v5n0knv3o

https://www.abc.net.au/news/2025-05-07/conclave-begins-to-elect-new-pope/105240966

ඒ අනුව 267වන “පාප්” තනතුර සඳහා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පත්ව ඇති බවට සමාජ මාධ්‍යයේ පළ වන පුවත් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection