අත්භූත සත්ත්වයින් පිළිබඳව පළවන වීඩියෝ ව්‍යාජ නිර්මාණයන් වේ.
"මාතලේ ලකේගල ප්‍රදේශවාසීන්ට නැවත වතාවක් අත්භූත සත්වයෙකු දැක ගැනීමට අවස්ථාව ලැබි ඇති බව සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී. මේ සත්වයා මුලින්ම දැක ඇත්තේ මාතලේ පදිංචි ලතීෆ් හනීෆා නම් පුද්ගලයෙක් බවත් එම වීඩියෝවේ සඳහන් වේ.
by Anonymous |
නොවැම්බර් 19, 2024
එම වීඩියෝව https://www.facebook.com/reel/1619900855306829/?mibextid=6AJuK9&s=chYV2B&fs=e
මෙම වීඩියෝවේ බල්ලෙකු සපාකමින් සිටින කළු පැහැති සත්ත්වයා පිළිබඳව FactSeeker අවධානය යොමු විය. Google Lens හරහා මෙම සත්ත්වයා නිරීක්ෂණය කිරීමේදී වෙනත් රටවල ද සමාජ මාධ්‍යයන්ගේ මෙම වීඩියෝව සංසරණය වනු දැකගත හැකි වුවත්, එවැනි සත්ත්වයෙකු පිළිබඳ කිසිදු පැහැදිළි තොරතුරක් අන්තර්ජාල වෙබ් අඩවියකින් සොයා ගැනීමට නොහැකි විය.
කෙසේ නමුත්, මෙම සත්ත්වයා බල්ලෙකු ගොදුරු කරගනිමින් සිටින බව විශ්වාස කරන පරිශීලකයින් සිටින බව ඒ සඳහා පළ කර තිබූ අදහස් අනුව පෙනී ගියේය.
තවදුරටත් මෙම වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී එම කළු පැහැති සත්ත්වයාගේ මුහුණ කිසිදු විටක නිශ්චිතව නිරූපණය නොවෙයි. එම සත්ත්වයාගේ විටෙක පාද දෙකකුත් තවත් විටෙක පාද තුනකුත් ලෙස නිරූපණය වන බවක් FactSeeker නිරීක්ෂණයේදී පෙනී ගියේය. එසේම අවට සිටින පුද්ගලයින් නිරීක්ෂණය කිරීමමේදී ද පුද්ගලයින්ගේ මුහුණු අපැහැදිළිව තිබීමත් බොඳ වී පහළට ඇදී යන ස්වභාවයකින් තිබීමත් දැකගත හැකි විය.
ඒ අනුව මෙම වීඩියෝව සත්‍ය වීඩියෝවක් නොවන බව තහවුරු කර ගත හැකි අතර එය කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇති බව පැහැදිලි වෙයි.
මේ අනුව ලකේගල ප්‍රදේශයේ අත්භූත සත්ත්වයෙකු බල්ලෙකු ගොදුරු කරගන්නා බව දැක්වෙන වීඩියෝව අසත්‍ය වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි.