Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

අතවරයට ලක් වූ වෛද්‍යවරියගේ බවට හුවමාරු වන පෝස්ටුව සංස්කරණයක්

False
False

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය පසුගිය දින කිහිපයක සිට මහත් කතාබහට ලක් වූ මාතෘකාවකි.

by Anonymous |

මාර්තු 12, 2025

මෙම අමානුෂික සිදුවීමට මුහුණ දුන්  වෛද්‍යවරියගේ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප කිසිවක් පළ නොකරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මෙන්ම  වෛද්‍ය සංගම් සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ද ඉල්ලීමක් කර තිබුණි.

එසේ තිබියදී සමාජ මාධ්‍ය තුළ hiru gossip  වෙබ් අඩවියේ අදාළ වෛද්‍යවරියගේ බව හැඟවෙන ඡායාරූපයක් සහිතව “වෛද්‍ය නිල නිවාසය තුළ දී රූමත් වෛද්‍යවරියට හදි කළ කාමාතුරයා, අනුරාධපුර රෝහලෙන් ඇසෙන ඇඟ සීතලවෙන කතාව මෙන්න” යනුවෙන් ෆේස්බුක් පෝස්ටුවක් හුවමාරු වෙමින් පැවැතිණි. මෙය prakashi jayasekara නම් ගිණුම හරහා සමාජගත කොට තිබුණි.

මේ පිළිබඳ Factseeker වෙත ලැබුණු ඉල්ලීමකට අනුව අපි ඒ පිළිබඳ සොයා බැලුවෙමු.

මෙම පෝස්ටුව විමර්ෂණය කිරීමේදී පැහැදිලි වූයේ එහි සිටින්නේ සමාජ මාධ්‍ය තුළ ජනාදරයට පත්ව සිටින වෛද්‍ය ප්‍රියා බවයි. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයින් අප්‍රසාදය පලකර තිබූ අතර වෛද්‍ය ප්‍රියා ට අයත් Dr.Priya නිල ෆේස්බුක් පිටුව තුළ ඇය ද මේ සම්බන්ධයෙන් සටහනක් එක්කොට තිබුණි.

https://www.facebook.com/share/p/1Hf8or2BbL/

Factseeker මෙහිදී Hiru gossip ෆේස්බුක් පිටුව තුළ මෙම පෝස්ටුව පිරික්සූ නමුත් එහි එම පෝස්ටුව සොයාගත නොහැකි විය. එසේ වුවද අදාළ පෝස්ටුව වෙනත් ගිණුමක් හරහා හුවමාරු කර ගෙන තිබූ පෝස්ටුවක් සොයා ගැනීමට හැකිවිය.

ඒ අනුව වෛද්‍ය ප්‍රියාගේ ඡායාරූපය සහිතව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පෝස්ටුව , Hiru gossip ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ පෝස්ටුව  සංස්කරණය කර පළ කර ඇති බව Factseeker තහවුරු කරයි .

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 9, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection