Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

අනුර කුමාර දිසානායකට සමන්තුරේදී ප්‍රහාරයක් එල්ල වුණාද?

Misleading
Misleading

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී වූ ජන රැළියකදී ඔහුට ගල් ප්‍රහාරයක් එල්ල වූ බව දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

by Anonymous |

සැප්තැම්බර් 18, 2024

මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව  FactSeeker සොයා බැලුවෙමු.

එහිදී අනාවරණය වූයේ, මෙම සිදුවීම ඉකුත් 13 වන දින සමන්තුරෙයිහි දී පැවති ජාතික ජන බලවේග රැළියකදී වූ සිදුවීමක් බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ ඉහළ අහසේ යම් සැක කටයුතු යමක් පිළිබඳව සංවිධායකයින් විමසිලිමත් වන ආකාරයක් අපට දැකගත හැකි විය. එමෙන් ම සුළු වේලාවකට අනුර කුමාර දිසානායක ද සිය කතාව නතර කර ආරක්ෂා වන ආකාරයක් ද පෙනෙයි.

අනතුරුව අනුර කුමාර දිසානායක පිරිස සන්සුන් කර සිය කතාව පවත්වා අවසන් කර එම ස්ථානයෙන් බැහැර වන ආකාරයද එම එක් වීඩියෝවක දැක්විණි.

එම වීඩියෝව මෙතැනින් – https://youtu.be/RjwtG9P7kvA?si=cnwpGhUbIGqiXEPc

ජාතික ජනබලවේගයේ සමන්තුරෙයි රැලියේ සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෙකු මෙම සිදුවීම සම්බන්ධයෙන් FactSeeker වෙත අදහස් දැක්වීය. ඔහු ප්‍රකාශ කළේ, ඉහළ අහසේ ගමන් කළ වස්තුව ඩ්‍රෝන යානාවක් බවට ඔවුන් මුලින් සැක පළ කළ ද පසුව ඒ කුරුල්ලෙකු බව හඳුනාගත් බවයි.

මේ පිළිබඳව සමන්තුරෙයි පොලිස් ස්ථානයෙන් අප කළ විමසීමකදී එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩී.එස්. ජයලත් සඳහන් කළේ, ඔහු ඇතුළු නිලධාරීන් මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ එහි රැඳී සිටි බවයි. එහිදී කිසිදු ගල් ප්‍රහාරයක් හෝ මැර ප්‍රහාරයක් සිදු නොවූ බව ඔහු තහවුරු කළේය.

එමෙන්ම කිසිදු ඩ්‍රෝන යානයක් එහි පියාසර නොකළ බවත් කුඩා එළියක් දල්වමින් අහසේ පියාසර කළ පරෙවියෙකු නිසා යම්කිසි නොසන්සුන්තාවක් ඇති වූ බව ත් ඔහු ප්‍රකාශ කළේය.

එම ප්‍රදේශයේ දරුවන් පරෙවියන් යොදාගෙන උන්ගේ කකුල්වල LED පරිපථ ගැට ගසා පියාසර කරවන බවත්, එය එම ප්‍රදේශයේ සාමාන්‍ය විනෝද ක්‍රියාකාරකමක් බවත් පැවසූ ස්ථානාධිපතිවරයා එහි සිටි පරෙවියන් දෙදෙනෙකු අල්ලාගෙන පරීක්ෂා කළ අතර එහිදී සැකකටයුතු කිසිවක් හමු නොවූ බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව එම අනුර කුමාර දිසානායකගේ ජන රැළියට එල්ල වූ ගල් ප්‍රහාරයක් හෝ මැර ප්‍රහාරයක් නොවන බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

Related Content

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection