Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ජනප්‍රිය ගායන ශිල්පී සේනක බටගොඩ මුදල් නැතුව දුක් වින්ඳා ද?

False
False

මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු, ගිටාර් වාදකයෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සේනක බටගොඩ පසුගිය සැප්තැම්බර් මස 11 වනදා අභාවප්‍රාප්ත විය.

by Anonymous |

සැප්තැම්බර් 26, 2024

ඔහුගේ මරණය සිදු වී පැය කිහිපයකින් සේනක බටගොඩගේ දියණිය වන සෙරීනා බටගොඩ විසින් කරන ලද ප්‍රකාශයක් ලෙස පහත පෝස්ටු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර  FactSeeker ඒ පිළිබඳ අවධානය යොමු කළේය.

එම පෝස්ටුවලින් දැක්වුණේ, “මුදල් නැතිව තාත්තා ගොඩක් දුක් වින්දා. තාත්තාගේ සිංදු කියපු වායෝ සංගීත කණ්ඩායම ලක්ෂ පනහක කර්තෘ භාග තවමත් ගෙවා නෑ. ඒ සල්ලි තිබුණා නම් තාත්තා තවමත් ජීවතුන් අතර.” යනුවෙනි.

මෙහි එක් පෝස්ටුවක් සිරස Newsfirst ආකෘතිය යොදා ගනිමින් සකසා තිබූ බැවින් අපි එය Newsfirst සමාජ මාධ්‍ය පිටු හා ගිණුම්වල පරීක්ෂා කළෙමු. එහිදී එවැනි කිසිදු පෝස්ටුවක් 2024.09.12 හෝ ඊට ආසන්න දිනක පළ කර නොමැති බව අපට තහවුරු විය.

මේ පිළිබඳව පැහැදිළි කරමින් සෙරීනා බටගොඩ 2024.09.19 දින සිය ෆේස්බුක් පිටුවේ පළකිරීමක් යොදා තිබුණේ මෙලෙසින්.

“මා කිසිදු මාධ්‍යයකට එවැනි ප්‍රකාශයක් කර නොමැති අතර මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා සිදු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.” යනුවෙන් ඇය එහි සඳහන් කර තිබිණි.

මෙහි සඳහන් කර්තෘභාගය නොගෙවීම හා සම්බන්ධ සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අපි සෙරීනා බටගොඩගේ පෞද්ගලික නීතීඥ ගෞරි පීරිස්ගෙන් විමසුවෙමු. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පැවැසුවේ, වායෝ සංගීත කණ්ඩායම හා සේනක බඩගොඩ යන පාර්ශවයන් දෙක අතර එවැනි කිසිදු ගැටලුවක් නොමැති බවත් නඩුවක් පවතින්නේ වෙනත් පාර්ශවයක් සමඟ බවත්‍ ය.

නීතීඥවරිය වැඩිදුරටත් පැවසුවේ,  සේනක බටගොඩ සමඟ වායෝ කණ්ඩායම අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර එකඟතාවයට අත්සන් තබා ඇත්තේ සංගීත් විජේසූරිය සමඟ බවයි.

එසේම මෙරට ප්‍රමුඛ පෙළේ  සන්නිවේදන ජාලයක ප්‍රචාරක දැන්වීමක් සඳහා ඔහුගේ ගීතයක් ඔහුට නොදන්වා භාවිත කිරීම නිසා සේනක බටගොඩ ඊට අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ. නමුත් පසුව එම නඩුව ඉල්ලා අස්කරගෙන ඇත්තේ පසුකාලීනව ඔහු කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද රෝගාතුර වීම නිසයි.

ඉන් අනතුරුව ජනත් කුලතිලක යන අය විසින් “අපි කවුරුද ” සහ තවත් ගීත 7ක කර්තෘභාගය ඉල්ලා ඇත්තේ එම ගීත වල පද රචනයන්ගේ සහ තනු නිර්මාණ වලට උප වශයෙන් දායක වීම උදෙසායි. එහි කර්තෘභාගය තවමත් ගෙවමින් සිටින බව ද නීතීඥවරිය ප්‍රකාශ කළා ය.

එසේම අදාළ පෝස්ටුව සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ජාලයෙන්ද ඇය විමසා ඇති අතර ඔවුන් විසින් එවැන්නක් මුදාහැර නැති බවත් ඔවුන්ගේ නිල ලාංජන යොදාගෙන සකසා ඇති පෝස්ටුවක් බව තහවුරු කරගත් බවද ඇය වැඩිදුරටත්  සඳහන් කළාය.

ඒ අනුව සේනක බටගොඩගේ දියණිය වන සෙරීනා බටගොඩ විසින් කරන ලදැයි සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පෝස්ටු ව්‍යාජ ඒවා බව FactSeeker තහවුරු කරයි.

 

 

Latest updates

#AI

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

#fake

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

Related Content

මහා පරිමාණයේ අයිස් කැට වැස්සක් දැක්වෙන වීඩියෝව AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ එකකි

මැයි 28, 2026

උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

මැයි 27, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection