“අපට රට හදලා පුරුද්දක් නැහැ” යනුවෙන් අගමැතිනි හරිනි කිව්වේ නෑ

"අපට රට හදලා පුරුද්දක් නැහැ" අභිනව අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරිය ප්‍රකාශ කළ බව සඳහන් කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් factseeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
සැප්තැම්බර් 25, 2024

හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසුව මෙය වඩාත් වේගයෙන් හුවමාරු වන බැවින් මේ බව සොයා බැලීමට factseeker කටයුතු කළේ ය.
“අපට රට හදලා පුරුද්දක් නැහැ. අපි ඒක ඉස්සරහට අත්දැකීමෙන් ඉගෙන ගන්නවා. හරිනි අමරසුරිය ( විදෙස් මාධ්‍යෙව්දියා අමුතු විදිහට සිනහා වෙයි) යනුවෙන් හුවමාරු වූ එම පෝස්ටුවේ සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත්දැයි සොයා බැලු අතර එවැන්නක් සොයා ගැනීමට නොහැකි විය. ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව ආචාර්ය හරිනි අමරසුරිය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන අවස්ථාවේදී ඇය BBC මාධ්‍යයට ඉංග්‍රිසි භාෂාවෙන් දැක්වු අදහස් සහිත විඩියෝවක් factseeker නිරීක්ෂණය කළ අතර එහි මෙසේ සදහන් වේ. එම සබැදිය මෙතැනින් – https://www.facebook.com/share/v/dSj6Je8Uv4rm1orK/?mibextid=D5vuiz
ප්‍රශ්නය – මීලඟ ආණ්ඩුවේ අත්දැකීම් ගැන විවේචකයෝ කතාවෙනවා. ඒගැන ඔබේ අදහස් මොනවාද?
පිළිතුර – රට බංකොළෝ කිරීම ගැන නම් අපිට සහතිකවම අත්දැකීම් නැහැ. නමුත් අපි රට ගොඩනැගීමෙන් අත්දැකීම් ලබා ගන්නවා.
මෙම පෝස්ටුව සම්බන්ධයෙන් ආචාර්ය හරිනි අමරසුරියගෙන් factseeker විමසු අතර එවැන්නක් නොපැවසු බව ඇය ප්‍රකාශ කළ අතර රට බංකොළොත් කිරීමේ අත්දැකීම් නොමැති බව ප්‍රකාශ කළ බවද ඇය තවහුරු කළේය.
ඒ අනුව “අපට රට හදලා පුරුද්දක් නැහැ” යනුවෙන් ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍යෙය් හුවමාරු වන සටහන් අසත්‍ය බව factseeker තහවුරු කරයි.