Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

අනුරට 55.89%ක ප්‍රතිශතයක් ලැබුණා ද ?

False
False

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල සටහනේ ජනාධිපති ධූරයට පත් වූ අනුර කුමාර දිසානායකගේ සමස්ථ ප්‍රතිඵලයේ ප්‍රතිශතය සියයට 55.89 ක් හා සජිත් ප්‍රේමදාසගේ සමස්ථ මැතිවරණ ප්‍රතිශතය සියයට 44.11 ක් ලෙස මව්බිම ප්‍රවත්පත අද (23) වාර්තා කර තිබිණි.

by Anonymous |

සැප්තැම්බර් 23, 2024

̒මව්බිම පුවත්පතේ ප්‍රවාත්තියේ යම්කිසි වරදක් සිදු වී ඇති බව Factseeker ට නිරීක්ෂණය වීම නිසා ඒ පිළිබඳ සොයා බැලීය.

මෙම ප්‍රවෘත්තිය මව්බිම පුවත්පතේ මුල් පිටුවේ පළ කර තිබුණේ, “අනුරට, 57 40 179 – 55.89%  සජිත්ට, 45 30 982 – සියයට 44.11%” ලෙසයි.

එහෙත් මෙම ප්‍රවෘත්තියේ ඇතුල් පිටුවේ වැඩි විස්තර වශයෙන් පළ කර තිබුණේ,

“පළමු වටයේදී ඡන්ද 5,634,915 ක් ලබා ගෙන 42.31ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන සිටි අනුර කුමාර දිසානායක මහතා දෙවන වටයේදී තවත් මනාප 105,264ක් ලබා ගනිමින් සමස්ත ඡන්ද අගය 5,740,179ක් (55.89) ලෙස ඉහළ නංවාගෙන මෙම ජයග්‍රහණය සනිටුහන් කළේය.” යනුවෙනි.

සජිත් ප්‍රේමදාස මහතාගේ සමස්ථ ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ “පළමු වටයේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,363,035ක් ලබාගෙන 32.76%ක ප්‍රතිශතයක් හිමිකරගෙන දෙවැනි තැනට පත්විය. දෙවැනි වටයේ මනාප ගණනයෙන් පසුව ද සජිත් ප්‍රේමදාස මහතාගේ මනාප ඡන්ද සංඛ්‍යාව වූයේ 4,530,902කි. එහි ප්‍රතිශතය 44.11%කි.” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ ඡන්ද ප්‍රතිඵල සටහන නිරීක්ෂණය කළ අතර එහි අවසන් ප්‍රතිඵලය සටහන් කර තිබුණ ද ප්‍රතිශතය දක්වා නොමැති බව දක්නට ලැබුණි.

අන්තර්ජාලය පිරික්සීමේදී විකිපීඩියා තුළද මෙම වැරදි  ප්‍රතිශතයන් ඇතුළත් වී ඇති බව නිරීක්ෂණය කළ හැකි විය.

දෙවනි මනාපය සම්බන්ධව වෙබ් අඩවිවල සමස්ථ ප්‍රතිඵලයේ ප්‍රතිශතය ලෙස වාර්තා කර තිබූ අතර එහි  එය ඉතා කුඩා ප්‍රමාණයක් බව දක්වා ඇත.

අනුර කුමාර දිසානායක – 0.79%

සජිත් ප්‍රේමදාස – 1.26%

https://manthri.lk/en/presidential-election-result-2024

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ අවසන් වරට ඉදිරිපත් කරන ලද ප්‍රතිඵල සටහනේ ප්‍රතිශතයන් දක්වා ඇත්තේ, දෙවන හා තුන වන මනාප ගණන් කිරීමට පෙර පැවැති ප්‍රතිඵල සටහන ය. ඒ අනුර කුමාර දිසානායක – 42.31%සජිත් ප්‍රේමදාස – 32.76% ලෙසය.

මෙයින් කිසිවෙක් 50%ක සීමාව පසුකර නැති බව පැහැදිලි වේ.

ඒ අනුව ̒මව්බිම පුවත්පතේ මුල් පිටුවේ සඳහන් මෙම පුවත නිවැරදි නොවන බව Factseeker තහවුරු කරයි.

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection