ජනාධිපතිවරණයේදී ඡන්දය ඡන්දය දෙන්නේ කොහොම ද?

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ආසන්න වීමත් සමග එහි උණුසුම ද දිනෙන් දින වැඩි වෙමින් පවතී. තමන්ගේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් පාක්ෂිකයින් විවිධ උත්සාහයන් දරමින් සිටිති.
by Anonymous |
සැප්තැම්බර් 15, 2024

මේ අතර ඡන්දය ප්‍රකාශ කරන ක්‍රමවේදය පිළිබඳව උපදෙස් ලබා දෙන සමාජ මාධ්‍ය සටහනක් Factseeker ට නිරීක්ෂණය විය. මෙය ඡන්ද දායකයින් නොමග යවන ආකාරයෙන් පළ කර තිබිණි.
එම සටහන මෙසේ ය.
සජිත්ට මනාප තුනම දෙන්නේ මෙහෙමයි
පළමු මනාපය ☎️1️⃣
මනාප දෙකම ☎️1️⃣2️⃣
මනාප තුනම ☎️1️⃣2️⃣3️⃣
පළමුව සජිත් නම් 1
පළමුවත් දෙවනුවත් සජිත් නම් 12
පළමුවත් දෙවනුවත් තෙවනුවත් සජිත් නම් 123
මනාප වැඩි කරමු – සජිත් ජනපති කරමු
මෙහි සඳහන් ආකාරයට එකම පුද්ගලයාට ඡන්දය සහ මනාප දෙකක් ලබාදිය හැකි බවට උපදෙස් දී තිබුණි.
ඡන්දය ලබා දෙන නිවැරදි ක්‍රමවේදය
මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ තොරතුරු සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනත අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය මෙසේය,
- ඡන්ද දායකයෙකු එක් අපේක්ෂකයෙකුට පමණක් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම්, අංක 01 භාවිතා කර ඡන්දය ප්‍රකාශ කළ හැකිය.
- ඊට අමතරව කතිරය (x) භාවිත කර ද ඡන්දය ප්‍රකාශ කළ හැකි අතර එය ද වලංගු ඡන්දයක් ලෙස පිළිගනු ලැබේ.
- අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරඟ කරන විට, එක් අපේක්ෂකයෙකුට ඡන්දයත් වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවැනි සහ තුන්වැනි මානප ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව තිබේ.
එය මෙසේය,
- ඡන්ද පත්‍රිකාවේ තමන් කැමති අපේක්ෂකයාගේ නම ඉදිරියේ වෙන්කර ඇති කොටසේ අංක 1 පමණක් සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතුය.
- ඉන් පසුව තවත් අපේක්ෂකයින් දෙදෙනෙකුට ඔවුන්ගේ නම ඉදිරියේ වෙන් කර ඇති කොටස තුළ අංක 2 සහ අංක 3 භාවිතයෙන් මනාප පළ කළ හැකියි.
- අවශ්‍යනම් ඡන්ද පමණක් පළකර මනාප සලකුණු නොකර වුවද ඡන්දය ප්‍රකාශ කළ හැකියි.
මීට අමතරව වෙනත් ආකාරයට ඡන්දය සලකුණු කිරීම මගින් ඡන්දය අවලංගු වන අතර එම ක්‍රම වන්නේ,
- කිසිම අපේක්ෂයෙකුට ඡන්දය සලකුණු කර නොමැති විට
- එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති විට . ( අංක 1 හෝ කතිරය ස්ථාන කිහිපයක සලකුණු කර ඇති විට)
- අංක 1 සහ කතිරය යන දෙකම සලකුණු කර ඇති විට
- දෙවැනි හෝ තුන්වැනි මනාපයන පමණක් සලකුණු කර ඇති විට.
- ඡන්දදායකයාගේ නම හෝ දුරකතන අංකය ආදී හදුනාගත හැකි යමක් පත්‍රිකාවේ ලියා ඇති විට
- අංක 1 හැර වෙනත් ලකුණුක් සමග 2 , 3 මනාප සලකුණු කර ඇති විට
- 1 , 2 , 3, ට වඩා ඡන්ද සහ මනාප සලකුණු කර ඇති විට.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් කළ විමසීමේදී ඔහු අවධාරණය කළේ, සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන මෙම සටහන නොමග යවන සටහනක් බව යි.
ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සහ මනාප ලබා දෙන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වරින් වර ජනතාව දැනුවත් කරන බවත් ඒ සම්බන්ධයෙන් ඡන්ද දායකයින් දැනුවත් වී සිටීම අත්‍යාවශ්‍ය බව ත් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පැවැසීය.
ඒ අනුව “සජිත්ට මනාප තුනම දෙන්නේ මෙහෙමයි” යනුවෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පෝස්ටුව නොමග යවන සටහනක් බව factseeker තහවුරු කරයි.