Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

වෛද්‍ය මවුමිතා මියයාමට පෙර සිය මවට වීඩියෝවක් නිකුත් කළා ද?

Misleading
Misleading

ඉන්දියාවේ කල්කටා නුවරදී සමූහ දූෂණයට ලක්ව ජීවිතයෙන් වන්දි ගෙවූ වෛද්‍ය මවුමිතා ඩෙබ්නත් ගේ අවාසනාවන්ත සිදු වීම ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා වෙසෙන ජනතාව කම්පනයට පත් කළ සිදු වීමක් විය.

by Anonymous |

අගෝස්තු 21, 2024

මවුමිතා ඩෙබ්නත් කල්කටා හි ආර්ජී කාර් (RG Kar) වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරියකි. ඇය මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමෙන් පසු අවසන් මොහොතේ තම මව වෙත යැවූ වීඩියෝවක් යැයි සැලකෙන වීඩියෝපටයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.එම වීඩියෝ පටය ශ්‍රී ලංකාවේ යූටියුබ්, ටික්ටොක්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජමාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පැවැතිණි.

ඉන්දියාවේ පැරණිතම වෛද්‍ය විද්‍යාලයක් වන කල්කටා හී ආර්ජි කාර් (RG KAR) වෛද්‍ය විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි මවුමිතා ඩෙබ්නත් පසුගියදා සමූහ දූෂණයකට ලක් කර පසුව ඝාතනයට ලක් වුණි. ඇයගේ දේහය පසුගිය අගෝස්තු මස 9 වන සිකුරාදා එම රෝහලේ ශාලාවක තිබී පොලීසිය විසින් සොයා ගන්නා ලදී.

මෙම වෛද්‍යවරිය මෙවැනි වීඩියෝවක් තම මව සමග හුවමාරු කර ඇතිද? යන්න පිළිබදව Factseeker විමසා බැලුවෙමු. එවැනි වීඩියෝපටයක් වෛද්‍ය මවුමිතා විසින් තම මවට යැවූ බවක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් දවාර්තා කර ඇති ද? යන්න Fact Seeker සොයා බැලූ අතර එවැන්නක් ද සොයා ගත නොහැකි විය.  එම වීඩියෝවේ සිටින තරුණියගේ රූපය ද ඝාතනයට ලක්වූ වෛද්‍යවරියගේ මුහුණට සමාන නොවන බවද වීඩියෝව නිරීක්ෂණය කිරීමේ දී අපට හදුනා ගැනිමට හැකි විය.

Fact seeker මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී කරුණු පරීක්ෂා කරන ආයතනයක් වන Factcrescendo ආයතනය කළ කරුණු පරීක්ෂා කිරීමක් හමු විය. එම ලින්ක් එක මෙතැනින් https://srilanka.factcrescendo.com/2024/08/20/unrelated-video-viral-as-dr-moumita-debnath-last-video-claim-si/ එහි වැඩිදුරටත් සදහන් කරන්නේ, මියගිය වෛද්‍ය මවුමිතාගේ අවසන් මොහොත සහ ඇය විදි වේදනාව නිරූපණය කිරීමට සිදු කරන ලද නිර්මාණාත්මක අන්තර්ගතයක් ලෙස හඳුනාගත් බවයි.

මේ අනුව වෛද්‍ය මවුමිතාගේ අවසන් මොහොත පටිගත කර තම මවට යැවු බව හැඟවෙන වීඩියෝව නොමඟයවන සුළු තොරතුරක් බව Fact Seekers තහවුරු කරයි.

Latest updates

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

Related Content

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection