Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව ජනපති රනිල් කිව්වා ද?

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ (15) පැවැත්විණි.

by Anonymous |

අගෝස්තු 20, 2024

එහිදී ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්දිරන් හා රාසමානික්කම් ශානක්‍යයන් යන මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ පාර්ශවය සමග වෙන වෙන ම සාකච්ඡා පවත්වා තිබුණු බව සිරස ටී.වී. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ වාර්තා කර තිබිණි.

 

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් “ජයග්‍රහණය කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තේරුම්ගෙන සිටින බව ඔහු හමුවීමෙන් පසුව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් කියා සිටී.” යනුවෙන් මුහුණු පොතේ හුවමාරු කර ගෙන තිබෙන  පෝස්ටුවක් Fact seeker නිරීක්ෂණය කළේ ය.

මෙහිදී රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති නීතීඥ එම්. ඒ සුමන්දිරන් අතර පැවති සාකච්ඡාව තුළ ජනාධිපතිවරයා විසින් තමන්ට ජයග්‍රහණය කළ නොහැකි බව  පිළිගන්නා බව පැවසූ බව හගවමින් පරිදි මෙම පෝස්ටුව පළ කර තිබිණි.

ජනාධිපතිවරයා සැබෑ ලෙසම මෙවැනි ප්‍රකාශයක් කර ඇත්ද? යන්න පිළිබඳව factseeker සොයාබැලිය.

ඒ අනුව මෙම හමුව සම්බන්ධයෙන් අපි සිරස නාලිකාව ප්‍රවෘත්ති විකාශය  තුළ මේ සම්බන්ධව ඉදිරිපත් කළ පුවතට අවධානය යොමු කළෙමු.

එහිදී රනිල් වික්‍රමසිංහ සෑම ජනකොටසකගේම සහය තමාට ඇති බව පෙන්වීමට දෙමළ ජනතාවගේ සහයත් තමාට අවශ්‍ය බව පැවසූ අතර මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීම අපහසු බව ජනාධිපතිවරයා ද දැන සිටින බව සුමන්දිරන් මන්ත්‍රීවරයා මෙහිදී පුකාශ කරයි. සිරස ටී.වී එම ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතැනින් https://www.facebook.com/watch/?mibextid=Le6z7H&v=1065894245159003&rdid=alwvuGH5TNFluulj

ඒ අනුව මෙම ප්‍රකාශය තුළ රනිල් වික්‍රමසිංහට මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව සුමන්දිරන්කා මන්ත්‍රීවවරයා ප්‍රකාශ කර නැති අතර ඒ සඳහා පවතින අපහසුතාවක්එ, එසේ නැතිනම් ඒ සඳහා ප්‍රබල වෑයමක් දැරීමට සිදුවන බවක් පමණක් පවසා ඇති බව factseeker  තහවුරු කරයි.

 

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection