Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

වත්කම් – බැරකම් ප්‍රකාශ කර ඇත්තේ මැතිසබේ මන්ත්‍රීවරු 16 දෙනාද?

False
False

වත්කම් ප්‍රකාශ ලබා නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව සම්බන්ධව පසුගිය දින කිහිපයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගණනාවක් මගින් පුවත් වාර්තා කර තිබුණි.

by Anonymous |

අගෝස්තු 14, 2024

ඒ අතර, ‘වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණක් බවත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඒ අතර නොවන බවත්’ දැක්වෙන සමාජ මාධ්‍ය සටහන් කෙරෙහි Factseeker අවධානය යොමු විය.

අදාළ සමාජ මාධ්‍ය පෝස්ටු පහත පරිදි විය.

ඒවායේ සඳහන් වන්නේ, “වත්කම් ප්‍රකාශ කරල තියෙන්නේ මුළු පාර්ලිමේන්තුවෙන්ම 16 දෙනයි. ජේවීපියේ එකම එක මන්ත්‍රී කෙනෙක්වත් නෑ..!“ යනුවෙනි.

මෙම ඇතැම් සමාජ මාධ්‍ය පෝස්ටු සමග ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නිල වෙබ් අඩවියට අයත් මෙම www.tisrilanka.org/mpassets/ සබැඳිය අමුණා ඇති අයුරු අපට නිරීක්ෂණය කළ හැකි විය. ඒ වෙත පිවිසීමේදී අනාවරණය වූයේ, හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ පමණක් එහි ප්‍රදර්ශනය කර ඇති බවයි. තවද එහි දැක්වෙන වත්කම් ප්‍රකාශ අතර “2023/2024 වර්ෂයේ“ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබුණේ , දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පමණක් බව අපගේ නිරීක්ෂණය විය.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව තහවුරු කර ගැනීම සඳහා Factseeker  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කළෙමු. එහිදී 2024.06.30 වන දින තෙක් කොමිසම වෙත ලබාදී ඇති තොරතුරු අනුව සකස් කළ පහත වගුව අපගේ අවධානයට යොමු විය.

 

වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 169 දෙනා අතරින් 116 දෙනෙකු සිය වත්කම් ප්‍රකාශ ලබාදී ඇති බවත්, 53 දෙනෙකු 2024.06.30 වන දින තෙක් ඒවා ලබාදී නොමැති බවත් එහි දැක්විණි.

තවදුරටත් මේ සම්බන්ධයෙන්  Factseeker කළ සොයා බැලීමේදී, 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ විධිවිධාන ප්‍රකාරව “2023/2024 වර්ෂයේ“ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට නියමිත නිලධාරීන් ඇතුළු පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ http://ads.ciaboc.lk නිල වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කර තිබෙන ආකාරය Factseeker ට නිරීක්ෂණය කළ හැකි විය.

එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන අනුර කුමාර දිසානායක, හරිනි අමරසූරිය සහ විජිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා විසින්ම සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන අයුරු අපට අනාවරණය විය.

ඒ අනුව, “වත්කම් ප්‍රකාශ කරල තියෙන්නේ මුළු පාර්ලිමේන්තුවෙන්ම 16 දෙනයි. ජේවීපියේ එකම එක මන්ත්‍රී කෙනෙක්වත් නෑ..!“ ලෙස සඳහන් වූ සමාජ මාධ්‍ය පෝස්ටුවේ දැක්වෙන ප්‍රකාශ මුළුමනින් සාවද්‍ය බව Fact Seeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

යළි භාවිතයට නිර්දේශ කළ ඖෂධය කෙහෙළියගෙ බාල බෙහෙත නෙවෙයි

ජූනි 3, 2025

ඩයලොග් නොමිලේ දීමනා ගැන වට්ස්ඇප් පණිවිඩ ව්‍යාජයි

ජූනි 2, 2025

Mr. Been මියගොස් ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

මැයි 30, 2025

ආරුගම්බේ වෙරළේ බිකිනි ඇඳීමට තහනමක් නෑ

මැයි 27, 2025

කොවිඩ් නව දරුණු ප්‍රභේදයක් වාර්තා වී නෑ

මැයි 21, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection