Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

දිලිත් ජයවීර ජනපති සටනින් ඉවත් වුණා ද?

False
False

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයෙන් තමා ඉවත් වන බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර යොමු කළ බව සදහන් ලිපියක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

අගෝස්තු 10, 2024

දිලිත් ජයවීර සර්ව ජනබලය සන්ධානයේ අපේක්ෂකත්වයට පැමිණෙන බව පසුගියදා නිවේදනය කළේය.

සර්ව ජනබලය සන්ධානය සමග එක් වූ සියලුම දේශපාලන පක්ෂ තමා ජනාධිපති අපේක්ෂක කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින් එහි විධායක සභාවට යැවූ ලිපියක් බව හගවමින් මෙම ලිපිය සකස් කර තිබිණි.

මෙම ලිපිය සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතින අතර තුර “දිලිත් ජයවීර ජනපති සටනින් ඉවතට” යනුවෙන් ‌මුහුණු පොතේ සටහනක් ද හුවමාරු වන බැවින් Factseeker මේ සම්බන්ධයෙන් සොයා බැලීය.

Factseeker ඒ පිළිබදව මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාරගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ, මෙය අසත්‍යයක් බවය. මේ සම්බන්ධයෙන් දිලිත් ජයවීර ද ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව ද සඳහන් කළේය.

මෙම ලිපිය තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් තමා ඉදිරිපත් නොවන බවට ධම්මික පෙරේරා යොමුකළ ලිපිය සංස්කරණය කරමින් මෙම ලිපිය සකස් කර ඇති බව ද අනාවරණය විය.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සර්ව ජන බලය සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව සඳහන් කරමින් පැතිර යන පුවත් අසත්‍යයක් බව factseeker අවධාරණය කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය අසත්‍යයි

සැප්තැම්බර් 9, 2025

ඇල්ල බස් රථ අනතුරේ ලෙසින් පලකළ ඡායාරූපය AI නිර්මාණයකි.

සැප්තැම්බර් 9, 2025

රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මියගිය බවට පළ වන පුවත් අසත්‍යයි.

සැප්තැම්බර් 9, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection