Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ඉරානයේ ඔලිම්පික් කාන්තා ඉසව් විකාශනය වාරණයකට ලක් වෙලාද

Misleading
Misleading

පසුගිය දිනක ඉරානයේ ඔලිම්පික් තරඟ ඉසව් එරට රූපවාහිනී නාලිකාවක විකාශනය වන ආකාරය පිළිබඳ උපහාසාත්මක වීඩියෝවක් සමාජ ජාලා තුළ වේගයෙන් සංසරණය විය. එය මෙරට පමණක් නොව බොහෝ විදෙස් රටවල ද සංසරණය වී තිබුණි.

by Anonymous |

අගෝස්තු 7, 2024

සැබැවින්ම මේ ආකාරයේ විකාශනාත්මක වාරණයක් ඉරානයේ තිබේ ද? යන්න පිළිබදව බව factseeker සොයා බැලීය.

 

මේ අයුරින් සංසරණය වන වීඩියෝව 2013 වසරේ OnTen TV නැමැති youtube  නාලිකාව හරහා විකාශය කර ඇති අතර  එය හුදෙක් විනෝදාස්වාදය හා උපහාසාත්මක ලෙසින් ඉදිරිපත් කර ඇති බව නිරීක්ෂණය විය. මෙම වීඩියෝව එම නාලිකාවේ 51 හා 57 යන විකාශන අවස්ථාවල විකාශය කර ඇත. එය නම් කර ඇත්තේ “women and sport ” ලෙසටය. ඒ අනුව මෙය 2024 ඔලිම්පික් විකාශනයන්ට අදාළ නොවන බව fact seeker තහවුරු කරගන්නා ලදී.

ඉරාන ජාතික කාන්තාවන් සඳහා 1979 වසරේ සිට ඉරානයේදී හෝ ඉන් පිටතදී තරඟ කරන විට ඉරාන ඔලිම්පික් කමිටුව විසින් “ක්‍රීඩා තරඟ වලදී ඉස්ලාමීය නීති අනුගමනය නොකරන අයට දැඩි දඬුවම් ලබා දෙන බව ” නීතියක් පැනවුණි. නමුත් ඉරානයේ කාන්තාවන්ට මෙවැනි නීතියක් පනවා නැති බව Factseeker කළ කළ සොයා බැලීමේදී අනාවරණය විය. The Times  of Israel වෙබ් අඩවියේ අනාවරණය අනුව 1979 න් ඉරාන විප්ලවයෙන් පසු පිරිමි පාපන්දු , පිහිනුම් හා මල්ලවපොර තරඟ සඳහා ඉරාන කාන්තාවන්ට පැමිණීම තහනම් විය. අදාල වීඩියෝවට පාදක වී ඇත්තේ මෙයයි. නමුත් 2006 වසරේ අප්‍රේල්  මාසයේදී එවකට ඉරාන ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් නැවත ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගනවලට ඇතුළු වීමට අවසර දෙනු ලැබූ බව එහි තවදුරටත් සඳහන් වේ.

ඒ අනුව මේ වන විට ඉරානය තුළ කාන්තාවන් සඳහා ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කෙරෙයි. 2016 වසරේ ඉරානය වෙනුවෙන් පළමු ඔලිම්පික් රන් පදක්කම ඉරාන කාන්තාවක් විසින් දිනාගැනීම තුළින් එය තවත් පැහැදිලි වෙයි.

ඉරානයයේ රූපවාහිනී නාලිකා විකාශනයන්වල  ඇතැම් අවස්ථාවලදී එවැනි කපාහැරීම් වාරණයන් කර ඇත. 2021 වසරේ ඉරාන රජයේ රූපවාහිනී නාලිකාව විසින් එංගලන්තයේ පැවති පාපන්දු ප්‍රිමියර් ලීග් තරඟාවලියක් මෙලෙස වාරණය කරනු ලැබුවේ සහය විනිසුරුවරියක් පාද පෙනෙන ලෙස ක්‍රීඩා ඇඳුම් ඇඳසිටි බැවිනි. එය ආයතනය සතු තීරණයකි. එය The Times of Israel වෙබ් අඩවියේ 04.15 වන දින ඇතුලත් කර ඇත. එසේ නොමැතිව රජය විසින් එවැනි නීතියක් පනවා නැති බව The Times of Israel තවදුරටත් දක්වා ඇත. එම ලිපිය මේ සමඟ ඉදිරිපත් වේ.http://( https://www.timesofisrael.com/irans-state-tv-censors-uk-soccer-match-to-avoid-showing-legs-of-female-referee/)  එසේම අල් ජසීරා, අල් අරාබියා , BBC ආදී විකාශනයන් තුල ඔලිම්පික් විකාශනයන් කෙරෙන අතර ඒවායේ එවැනි වාරණය කිරීම් ඇතුලත් නොවේ.

ඒ අනුව මෙය හුදෙක් උපහාසාත්මක ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සකසනු ලැබූ වීඩියෝවක් පමණක් බව fact seeker තහවුරු කර ගනු ලැබීය. මේ සම්බන්ධව විවිධ රටවල කරුණු පරික්ෂා කිරීම් සිදුව ඇති අතර ඒවා ද පහතින් අන්තර්ගත වේ.

පහත link හරහා මේ සම්බන්ධව කරුණු සනාත කරගත හැකිිය.

https://iranwire.com/en/features/68274/

https://factcheck.afp.com/censorship-womens-sports-iranian-tv-likely-satirical-video

 

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

මැයි 28, 2025

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

මැයි 27, 2025

සමාජ මාධ්‍ය වල සංසරණය වන දළදා වහන්සේගේ වීඩියෝ අනුරූ පමණි.

අප්‍රේල් 25, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection