‘අරගලය ‘ ඡායාරූප බංග්ලාදේශ විරෝධයක් ලෙස බෙදා ගනී

බංග්ලාදේශ රජයේ රැකියා කෝටා සැලැස්මට එරෙහිව පසුගිය ජුලි මාසයේදී එරට සිසුන් විසින් මෙහෙයවන ලද විරෝධතා ප්‍රචණ්ඩත්වයට පත්වීමත් සමඟ රට තුළ නොසන්සුන්තාවක් පවතී.
by Anonymous |
අගෝස්තු 6, 2024

එමෙන්ම බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකා මාලිගයෙන් ආරක්ෂිත ස්ථානයකට ගොස් ඇති අතර මේ වන විට එරට රජය, හමුදාව භාරයට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී එරට සිසුන්ගේ මූලිකත්වයෙන් පැවති විරෝධතාවයේදී ගන්නා ලද විවිධ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අයුරු factseeker ට නිරීක්ෂණය කළ හැකි විය.
කෙසේ වෙතත්, 2022 දී ශ්‍රී ලංකා ‘අරගලය ‘ දී මහජනතාව ජනාධිපති මන්දිරය වටකර සිටියදී ගත් ඡායාරූප මේ වන විට බංග්ලාදේශයේ කැරලි කෝලාහල අතරතුර ලබාගත් ඡායාරූප ලෙසින් එරට මාධ්‍ය, යූ ටියුබ් නාලිකා, ෆේස්බුක් ගිණුම්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් සහ එක්ස් පිටු තුළ වේගයෙන් හුවමාරු වෙමින් පවතී.
කෙසේ වෙතත්, factseeker තහවුරු කරන්නේ, හුවමාරු වන ඡායාරූප සහ වීඩියෝ 2022 ශ්‍රී ලංකාවේ අරගලය විරෝධතාවයේදී පටිගත කළ ඒවා බවයි.