Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ජෝ බයිඩන් මිය ගිය බව කියන පුවත් සාවද්‍යයි.

False
False

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මිය ගොස් ඇති බවත් ඒ වෙනුවෙන් ඇමරිකානු ජාතික ධජය අඩකුඹු කර ඇති බවත් දැක්වෙන ඡායාරූපයක් ට්විටර් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

ජූලි 29, 2024

“Flags at Capitol are at half-mast. Joe Biden has passed away”  යනුවෙන් සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් Factseeker ඇමරිකානු මාධ්‍ය හෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්දැයි නිරීක්ෂණය කළ අතර එවැනි පුවතක් වාර්තා කර නැති බව නිරීක්ෂණය වුණි.

බයිඩන් ජනාධිපතිවරයාට පසුගියදා කොවිඩ් වෛරසය වැළදී තිබු අතර මේ වන විට ජනාධිපතිවරයා කොවිඩ් ආසාදනයෙන් සුව වී රාජකාරී කර ගෙන යන බව ද ධවල මන්දිර වෛද්‍යවරයා ඉකුත් 22 දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබදව වැඩිදුර සොයා බැලීමෙදී අනාවරණය වුයේ  පසුගිය ජුලි 19 දා ටෙක්සාස් ඩිමොක්‍රටික් නියෝජිත ෂීලා ජැක්සන් ලීගේ අභාවයෙන් පසුව කැපිටල් හි ඇමරිකානු ධජය පහත හෙලීමට කටයුතු කර ඇති බව යි.

කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකුගේ මරණයෙන් පසු අවම වශයෙන් දින දෙකක්වත් ජාතික ධජය අඩකුඹු කොට තබා ගත යුතු බව ෆෙඩරල් නීතියට අනුව අවශ්‍ය වේ. ඒ අනුව මෙලෙස ජාතික ධජය අඩකුඹු කර තබා ඇති බව පැහැදිලි වේ.

ඒ අනුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මිය ගොස් ඇති බව සඳහන් කරමින් හුවමාරු වන පෝස්ට් අසත්‍ය බව Factseeker තහවුරු කරයි.

Latest updates

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

#false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

Related Content

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

දෙසැම්බර් 1, 2025

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection