Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

හුවමාරු වන ඡායාරූප Mr.Bean ගේ වත්මන් තත්ත්වයද?

False
False

ලොව පුරා ලොකු කුඩා කා අතරත් ජනාදරයට පාත්‍ර වූ ප්‍රහසන රංගන ශිල්පියෙක් වූ Mr.Bean හෙවත් රෝවන් ඇට්කින්සන්ගේ වත්මන් තත්ත්වය බව පවසමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ඡායාරූප සටහනක් Factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

ජූලි 22, 2024

“අපි ආදරය කළ ඔහු.ලෝක ධර්මතාව කාටත් පොදුයි” යනුවෙන් සහ ඔහු රෝගී වී ඇති බව ඉංග්‍රීසි බසින්ද සදහන් කළ ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබූ බැවින් Factseeker ඒ පිළිබද සොයා බැලී ය.

රෝවන් ඇට්කින්සන්ගේ 1990 වසරේදී පෙනුම සහ 2024 වසර වන විට ඔහුගේ පෙනුම බවට ඡායාරූප දෙකක් සන්සන්දනය කරමින් හුවමාරු වූ ඡායාරූප සටහන් පෙළකින් පෙන්වා දී තිබුණේ ඔහු ඉතා අසනීප තත්ත්වයෙන් ඔත්පල වී ශරීරය ද දුබලව පවතින බව ය.

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පරිදි රෝවන් ඇට්කින්සන් මෙසේ රෝගාතුරව පසු වන්නේදැයි  Factseeker විදෙස් මාධ්‍ය පරීක්ෂා කළෙමු. නමුත් එවැන්නක් සොයා ගත නොහැකි විය.

අන්තර්ජාලයේ පිරික්සීමේදී අපිට සොයා ගත හැකි වූයේ මීට සති කිහිපයට පෙර ‌‌‌ ෆෝමියුලා වන් ධාවන ඉසව්වකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඉතා සෞඛ්‍ය සම්පන්නව ඒ සදහා පෙනී සිටින ආකාරය දැක ගත හැකි විය.

එම වීඩියෝව මෙතැනින් – https://youtu.be/RVl2dGBKu8c?si=-0hMnYx3hhplND75

Mr.Bean හෙවත් රෝවන් ඇට්කින්සන් නැමැති ප්‍රහසන රංගන ශිල්පියාගේ වර්තමාන තත්ත්වය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය හරහා පළවූ ඡායාරූපය ඔහුගේ නොව 2020 වසරේදී මියගිය Barry Balderstone නැමැති පුද්ගලයෙකුගේ ඡායාරූපයක් භාවිත කර නිර්මාණය කළ නොමග යවන සුළු සංස්කරණයක් බව Factseeker තහවුරු කරයි.

Barry Balderstone කාලයක් පුරා විවිධ රෝගාබාධයන්ට ප්‍රතිකාර කරමින් සිටියදී  මියගොස් ඇත.

එමෙන්ම Mr.Bean හෙවත් රෝවන් ඇට්කින්සන් මීට සති කිහිපයකට ඉහතදී ෆෝමියුලා වන් ධාවන ඉසව්වකදී කළ සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටින ආකාරය අනුව ඉතා සෞඛ්‍ය සම්පන්නව සිටින බව පැහැදිළි වෙයි.

 

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය අසත්‍යයි

සැප්තැම්බර් 9, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection