Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ඉදිරි ජනාධිපතිවරණය ගැන යුරෝපා සංගමය සමීක්ෂණයක් කර නෑ

False
False

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය මේ වන විට පෙරමුණ ගෙන සිටින බව යුරෝපා සංගමය ශ්‍රී ලංකාව තුළ කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි "ලංකා ඊ නිව්ස්" වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

by Anonymous |

ජූලි 19, 2024

මෙම සමීක්ෂණයට අනුව ඡන්දදායක මනාපවල සැලකිය යුතු වෙනසක් සිදු වී ඇති අතර තෝරා ගත් නියැදියෙන් සියයට 53 ක් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායකට කැමැත්ත පළ කර ඇති බව එම පුවතේ සදහන් වී ඇත.

මනාප ඡන්ද සියයට 24 ක ප්‍රතිශතයක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස දෙවැනි ස්ථානයේ සිටින බව සදහන් වේ. එමෙන්ම වයස අවුරුදු 18 ත් 19 ත් අතර ඡන්දදායකයින් සජිත් ප්‍රේමදාසගේ ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ (LSE) උපාධියේ නීථ්‍යානුකූලබාවය ප්‍රශ්න කර ඇති බව ත් මෙහිදී සජිත් ප්‍රේමදාසගේ විශ්වාසනීයත්වය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කර ඇති  බව ද එමගින් අනාවරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට සියයට 6 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් වන අතර රනිල් වික්‍රමසිංහට ඇත්තේ සියයට 5 ක ශ්‍රේණිගත කිරීමක් බව ත් සියයට 12 ක් වන පාවෙන ඡන්ද මෙතෙක් තීථරණයක් ගෙන නැති බව ත් එම සමීක්ෂණයෙන් පෙන්වා දෙන බව ලංකා ඊ නිව්ස් පුවතේ වැඩිදුරටත් සදහන් වී තිබිණි.

Factseeker  මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය සහ ඔවුන්ගේ නිල X  අඩවිය පරීක්ෂා කළ අතර ඔවුන් එවැනි කිසිදු නිවේදනයක් කර නැති බව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් Factseeker  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ පිහිටි යුරෝපා සංගමයේ තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයෙන් කළ විමසීමකදී ඔවුන් තහවුරු කළේ, තමන් එවැනි පර්යේෂණ කිසිවක් කර නොමැති බවත් මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවත්ය.

යුරෝපා සංගමය මේ පිළිබදව ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති කාර්යාලයේ නිල X වෙබ් අඩවියේ ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ, තමන් ශ්‍රී ලංකාවේ මැතිවරණය සම්බන්ධයෙන් කිසිදු මත විමසුමක් සිදුකර නැති බවයි. මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය පුවතක් බව ඔවුන් අවධාරණය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය මගින් මත විමසුමක් සිදුකළ බවට ‘ලංකා ඊ නිව්ස්’ විසින් පළ කර ඇති වාර්තාව ව්‍යාජ එකක් බව Factseeker තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection