Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake

රංජන් රාමනායකගේ නමින් හුවමාරු වන තෑගි දිනා ගැනීමේ පණිවුඩය අසත්‍යක්

False
False

උපන් මාසයට අනුව තෑගි දිනාගන්න යනුවෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ ඡායාරුපයක් ද සහිත පෝස්ටුවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරුවෙමින් පවතී.

by Anonymous |

ජූලි 16, 2024

𝐑 ‘𝐫𝐚𝐦𝐧𝐚𝐲𝐚𝐤𝐞𝐞 නමින් පවත්වා ගෙන යන ෆේස්බුක් ගිණුමකට බොහෝදෙනා ප්‍රතිචාර දක්වමින් සිටින බැවින් හුවමාරු වන මෙම පෝස්ටුව සත්‍යයද? යන්න පිළිබදව  factseeker සොයා බැලී ය.

සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පණිඩුඩයට අනුව “ඔබේ උපන් මාසය ලියන්න, ඔබේ උපන් මාසය අනුව ඔබට තෑග්ගක් ලැබෙනු ඇත යනුවෙන් මෙම පෝස්ටුවේ සදහන් කර තිබේ.

ඒ අනුව ජනවාරි මාසයේ උපන් අයට රුපියල් 250 000 ක් ද පෙබරවාරි මාසයේ උපන් අයට රුපියල් 260 000 ක් ද ආදී වශයෙන් මෙම ත්‍යාග හිමිවන බව මෙහි සදහන් කර ඇත.

තෑග්ගක් ලබා ගැනීමට, ඔබ මෙම සටහන Facebook කණ්ඩායම් 10-15කට බෙදා ගත යුතුය, දැන්ම එය කරන්න යනුවෙන් එම පෝස්ටුව මගින් අවධාරනය කර තිබේ.

 

මේ පිළිබඳව factseeker රංජන් රාමනායකගෙන් කළ විමසීමේදී හෙතෙම සඳහන් කළේ, මෙම පෝස්ටුවට තමාගේ කිසිදු  සම්බන්ධයක් නොමැති බවයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ලැප්ටොප් පරිගණක ලබා දෙන්නේ, සම්පුර්ණයෙන්ම නොමිලේ බවත් එහිදී ලබා ගන්නා ඡායාරූප යොදා ගනිමින් අදාළ ෆේස්බුක් පිටුව මගින් වංචාවක නිරත වී සිටින බව පැහැදිළි බවත් හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම තමාගේ නම භාවිත කරමින් මෙවැනි ව්‍යාජ පෝස්ටු වරින් වර හුවමාරු වූ බව පවසන රන්ජන් රාමනායක මීට මාස කිහිපයකට ඉහතදී හුවමාරු වූ පෝස්ටුවක් නිසි වංචාවට හසු වූ අය ද සිටින බවයි. ඒ අවස්ථාවේදී තමා සයිබර් අපරාධ කොට්ඨාශයට සහ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට පැමිණිලි කළ බවද හෙතෙම කීය.

එමෙන්ම නැවත වරක් සිදුවන මෙම වංචාව පිළිබදව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව රන්ජන් රාමනායක ප්‍රකාශ කළේය.

එමෙන්ම factseeker රන්ජන් රාමනායකගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළ අතර ලොස්ඇන්ජලීස්වලින් තමාට තවත් ලැප්ටොප් 32 ක් ලැබුණු බවත් අවශ්‍ය අයෙක් සිටීනම් තමා අමතන ලෙස 2023.01.15 පණිවුඩයක් හුවමාරු කර ගෙන තිබිණි.

2023.04.21 වෙනි දින ඔහු විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක බෙදාදීමේදී ගත් ඡායාරූප ද එහි  හුවමාරු කර ගෙන තිබිණි.

 

ඒ අනුව මෙය ව්‍යාජ පණිවුඩයක් බව factseeker තහවුරු කරයි

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

සිනමා නිළි සායි පල්ලවීගේ AI ඡායාරූප පෙළක්

සැප්තැම්බර් 26, 2025

හේමා ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට යොමුකළ බව සදහන් ලිපිය ව්‍යාජ වූවකි.

සැප්තැම්බර් 12, 2025

ජෙසිකා රැඩ්ක්ලිෆ්ගේ අනතුර AI නිර්මාණයක්

අගෝස්තු 14, 2025

ජැකී චෑන්ග් මිය ගිය බවට පළ වන පුවත් අසත්‍යයි!

අගෝස්තු 5, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection