හෙට (27) සහ අනිද්දා (28) පාර්ලිමේන්තුව හදිසියේ කැදවනවාද?
පාර්ලිමේන්තුව ජුනි මාසයට අදාළව ඉකුත් 20 වෙනිදා අවසන් කර තිබුණ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් ඉතා හදිසියේ මෙම 27 සහ 28 හදිසියේ පාර්ලිමේන්තුව රැස් කිරීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ කර තිබිණි.
by Anonymous |
ජූනි 26, 2024

“පාර්ලිමේන්තුව ඉතා හදිසියේ අමුතු සෙල්ලමකට රැස් කරයි” යන ශීර්ෂ පාඨය යටතේ Lanka truth වෙබ් අඩවිය පුවතක් පළ කර තිබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කර 27 සහ 28 දෙදින තුළ රනිල් පිළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රචාරක කටයුත්තක් සිදු කර ගැනීමට සූදානම් වන බව ආණ්ඩුවෙන් ලැබෙන වාර්තා අනුව හෙළි වී ඇතැයි එම පුවතේ සදහන් කර තිබිණි.ඒ අනුව 27 සහ 28 දෙදින පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි එහි වැඩිදුරටත් සදහන් කර තිබිණි.
පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව තිබුණේ ලබන මස 09 වෙනි දින බැවින් Lanka truth වෙබ් අඩවිය පළ කළ පුවත සත්‍ය ද? යන්න පිළිබදව Factseeker සොයා බැලීය.
එහිදී අනාවරණය වූයේ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව ජූලි මස 02 දා පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත බවය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (25) ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 වෙනි ස්ථාවර නියෝගයට අනුව මෙම විශේෂ රැස්වීම කැදවා ඇති බව කතානායකවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.
ඒ අනුව මෙම මස 27 සහ 28 දෙදින පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැදවා ඇති බව Lanka truth වෙබ් අඩවියේ පළ කළ පුවත අසත්‍ය බව Factseeker තහවුරු කරයි.