නිවෙස්වලට පැමිණ ඒඩ්ස් බෝ කරන කතාව බොරු

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් නොමිලේ රුධිරය පරීක්ෂා කිරීමේ මුවාවෙන් නිවෙස්වලට පැමිණ ඒඩ්ස් වෛරසය බෝකරන බැවින් ප්‍රවේශම් වන ලෙස අවධාරණය කරන හඩපටයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පැවැතිණි.
by Anonymous |
මැයි 27, 2024

“මේක අහල කට්ටියට යවන්න” යනුවෙන් මෙම හුවමාරු වූ පණිවුඩයේ සදහන් වී තිබිණි.
මෙම හඩපටය ලැබුණු ඇතැමුන් බියගැන්වී තිබු අතර බොහෝ දෙනෙක් එය වට්ස්ඇප් ඔස්සේ සමීපතයින්ට සමග හුවමාරු කර ගෙන තිබූ නිසා factseeker මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබද සොයා බැලීය.
මෙය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල වාර්තා කර තිබේද? යන්න පිළිබදව factseeker නිරීක්ෂණය කළ අතර ප්‍රධාන මාධ්‍ය එවැන්නක් වාර්තා කර නොතිබුණි.
මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති ද යන්න පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් විමසූ අතර ඔහු පැවසුවේ එවැනි පැමිණිලි ලැබී නොමැති බවයි. එමෙන්ම කාලයෙන් කාලයට ජනතාව කුපිත කරන මෙවැනි ව්‍යාජ පණිඩුඩ හුවමාරු වන බැවින් මේ සම්බන්ධයෙන් සැලිකිමත් වන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.
අපි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාාංශය සඳහන් කළේය.
ඒ අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන “මේක අහල කට්ටියට යවන්න…” යනුවෙන් සඳහන් හඩ පටයේ සඳහන් කරුණු සත්‍ය නොවන බව factseeker තහවුරු කරයි.