ජගත් මනුවර්ණට වෙඩි තිබ්බාද?

සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පමණක් නොව සමාජ මාධ්‍ය ජාලවල ද ප්‍රධාන පුවතක් වී තිබිණි.
by Anonymous |
අප්‍රේල් 30, 2024

ඇතැම් මාධ්‍යවල මෙම ප්‍රවත පළ කර තිබුණේ ජගත් මනුවර්ණට කවුරුන් හෝ විසින් හිතා මතා වෙඩි තබා ඇති බවට හැගවෙන පරිදිය. ඒ “ජගත් මනුවර්ණට වෙඩි ප්‍රහාරයක් – මනුවර්ණ රෝහල් ගත කරයි.” , “රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේදී ජගත් මනුවර්ණට වෙඩි ප්‍රහාරයක්” ආදී වශයෙන් මෙම පුවත වාර්තා කර තිබිණි.
ඒ අනුව මෙම සිදුවීම පිළිබදව සොයා බැලීමට Factseeker නිරීක්ෂණයක යෙදුනෙමු.
මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන ̒FATHER̒̒̕ චිත්‍රපටය , රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ රූ ගත කරන අවස්ථාවේදී ය.
මෙය හිතා මතා කරන ලද වෙඩි තැබීමක් ද යන්න පිළිබදව Factseeker චිත්‍රපටයේ අධ්‍යක්ෂ චමින්ද ජයසූරියගෙන් විමසීමක් කළෙමු.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ, සිනමා පටයේ වෙඩි තැබීමක දර්ශනයක් පැවැති අතර දර්ශන තලයේදී ඒ සදහා භාවිත කරන තාක්ෂණික ක්‍රමයේ වූ අතපසු වීමක් නිසා ජගත් මනුවර්ණ සුළු අනතුරකට මුහුණ දීමට සිදු වූ බව යි. මෙය හිතා මතා කළ වෙඩි තැබීමක් නොව අතපසුවීමකින් වූ සිදුවීමක් බව ය.
ඒ අවස්ථාවේදී සුළු තුවාල ලැබූ ජගත් මනුවර්ණ සිදු වූ සුළු තුවාල සදහා ප්‍රතිකාර ලබා ගත් බව ත් ඔහු මේ අවස්ථාව වන විට නැවත රූ ගත කිරීම්වලට සහභාගී වී සිටින බවත් චමින්ද ජයසූරිය අධ්‍යක්ෂකවරයා පැවැසීය.
ඒ අනුව රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේදී ජගත් මනුවර්ණට සිදු වූ අනතුර අතපසුවීමකින් සිදු වූ වෙඩි වැදීමක් බව Factseeker තහවුරු කරයි.