Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

පොලිස් දෙපාර්තමේන්තුව පුරවැසියන්ට හදිසි දැනුම් දීමක් කළා ද?

False
False

“සියලුම පොලිස් ස්ථානවල සිට සියලුම පුරවැසියන්ට හදිසි දැනුම් දීමක්” යනුවෙන් සඳහන් කරන ලද පණිවුඩයක් Whatsapp ඔස්සේ මේ දිනවල වැඩි වශයෙන් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

අප්‍රේල් 26, 2024

තමන්ගේ ගෙදර ලිපිනය ලියූ කඩදාසියක් රැගෙන තමන් නැති වූ බව කියමින් දැන් පාරවල්වල ළමයි සිටින බවත් ඒ හරහා අපරාධ සඳහා පුද්ගලයින් යොමු කර ගන්නා බවත් සඳහන් කරමින් ඇති මෙම පණිඩුඩයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව factseeker සොයා බැලීය.

WhatsApp හරහා හුවමාරු වන පණිඩුඩය මෙසේය,

 

හදිසි දැනුම්දීමක්

සියලුම පොලිස් ස්ථානවල සිට සියලුම පුරවැසියන්ට.

තමන්ගේ ගෙදර ලිපිනය ලියූ කඩදාසියක් රැගෙන තමන් නැති වූ බව කියමින් දැන් පාරවල්වල ළමයි සිටිති.  ඔබ මෙම දරුවන් දුටුවහොත්, ලිඛිත ලිපිනයට ඔවුන් රැගෙන නොයන්න, මන්ද ඔබව මරා දැමීමට, ඔබේ සතු භාණ්ඩ,අවයව සොරකම් කිරීමට හෝ දූෂණය කිරීමට මිනිසුන් ඔබ එනතුරු බලා සිටින බැවින්, ඔවුන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළඟම ඇති හදිසි මුර සංචාරයට ගෙන යන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.  සහ වහාම ඒවා වාර්තා කරන්න.

කරුණාකර මෙය සංසරණය කරන්න.  කාරණය සැබෑ වන අතර, ඔවුන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ඔබ සොයා ගන්නා ළඟම ඇති මුර සංචාරයට භාර දෙන බව අපි තහවුරු කරමු.  වීරයෙකු වීමට හෝ හොඳ සමරිතානුවරයෙකු වීමට උත්සාහ නොකරන්න.

මෙය ඔබගේ සියලු සම්බන්ධතා වෙත යවන්න.

අභ්‍යයන්තර කටයුතු අමාත්‍යයාංශය.

මෙය අභ්‍යයන්තර කටයුතු අමාත්‍යයාංශයේ පණිඩුඩයක් ලෙස සඳහන් කර ඇති අතර එවැනි අමාත්‍යාංශයක් මෙරට ක්‍රියාත්මක නොවේ. කෙසේ වෙතත් අභ්‍යන්තර කටයුතු සිදුවන ස්වදේශ කටයුතු   අමාත්‍යාංශයේ නිල වෙඩ් අඩවියේ හෝ මාධ්‍ය නිවේදන ලෙස එය ප්‍රකාශයට පත්කර ඇත්දැයි මුලින්ම සොයාබැලු අතර එවැන්නක් පළකර නොතිබුණි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය පුවත් පළකර ඇත්දැයි සොයා බැලු අතර එවැනි පුවත් පළ කිරීමක්ද සිදුකර නොමැති බව නිරීක්ෂණය විය.

මෙම පණිඩුඩය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගෙන් මෙය විමසු අතර පොලිසිය මෙවැනි  නිවේදනයක් නිකුත් කර නොමැති බව හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් factseeker වැඩිදුර සොයාබැලීමේදී අනාවරණය වුයේ මෙය 2022 වසරේදී ඉංග්‍රිසි භාෂාවෙන් වෙනත් රටවල හුවමාරු වී ඇති බවයි . එහි සිංහල පරිවර්තනයක් ලෙස මෙම පණිඩුඩය හුවමාරු වන අතර එය සම්පුර්ණයෙන් අසත්‍ය පණිඩුඩයක් බව  factseeker තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය අසත්‍යයි

සැප්තැම්බර් 9, 2025

ඇල්ල බස් රථ අනතුරේ ලෙසින් පලකළ ඡායාරූපය AI නිර්මාණයකි.

සැප්තැම්බර් 9, 2025

රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මියගිය බවට පළ වන පුවත් අසත්‍යයි.

සැප්තැම්බර් 9, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection