Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

අනුර , දිලිත් සමග සංවාදයකට බෑ කිව්වේ නෑ.

False
False

තමා සමග සජීවී රූපවාහිනී සංවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර විසින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට කළ ඉල්ලීම ට අනුර කුමාර දිසානායක ප්‍රතික්ෂේප කළ බව වෙබ් අඩවිවල සදහන් වී තිබිණි.

by Anonymous |

ජනවාරි 10, 2024

මේ සම්බන්ධයෙන් ‘සතිය’ වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය වී තිබුණේ,  “දිලිත් සමග සංවාදයකට අනුර බෑ කියයි” යනුවෙනි. එමෙන්ම දිලිත් ජයවීර කර ඇති අභියෝගය අනුර කුමාර දිසානායක විසි් ප්‍රතික්ෂේප කර තිබෙන බව ද එහි සදහන් කර ඇත.

මේ අතර ‘ලංකා සී නිව්ස්’ වෙබ් අඩවිය ද මේ සම්න්ධයෙන් ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. ඔවුන් ද සදහන් කර ඇත්තේ, අනුර කුමාර දිසානායක විසින් මෙම අභියෝගය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇත්තේ, ඉකුත් 08 දා (පෙරේදා) “සියත” රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “Turning point” සජීවී දේශපාලන සංවාදයේදී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඔහු එහිදී ප්‍රකාශ කළේ, “මම එයාට කියන්නේ නගර සභාවට ඉල්ලලා මන්ත්‍රී ධූරයක්වත් අරන් එන්නකෝ අප්පා. මොනවද මේ කතා. ප්‍රාදේශීය සභාවක්වත් දිනලා එන්න කියන්න.” යනුවෙනි.

එම වීඩියෝව මෙතැනින් – https://youtu.be/XaOyYR35QMQ?t=5294

එමෙන්ම Fact seeker මේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමකදී ඔවුන් සදහන් කළේ, එම සංවාදය සහභාගී වන්න නම්, නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධූරයක්වත් අරන් එන්නැයි  අනුර කුමාර දිසානායක මහතා පැවැසූ බවයි.

ඒ අනුව අනුර කුමාර දිසානායක, දිලිත් ජයවීර සමග සංවාදය ප්‍රතික්ෂේප කළ බව පැවැසෙන ප්‍රවෘත්ති අසත්‍ය බව  Fact seeker තහවුරු කරයි.

Latest updates

#misleading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 60 000 කින් වැඩි කළා ද?

අගෝස්තු 19, 2026

#misleading

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

Related Content

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 60 000 කින් වැඩි කළා ද?

අගෝස්තු 19, 2026

මෙට්‍රෝ බස් රථ බෙදාහැරීමේදී ආණ්ඩුව යාපනයට වෙනස්කම් කරමින් කටයුතු කරන්නේද?

අගෝස්තු 4, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection