Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

මහින්ද දේශප්‍රිය මෙහෙම කිව්වා ද?

False
False

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සෘජුවම දේශපාලන ප්‍රකාශයක් කළ බවට සදහන් කරමින් වූ ජායාරූපයක් සහිතව මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන පෝස්ටුවක් Factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

ජනවාරි 22, 2024

“තව කල්ප ගානකට කෙලවගන්න ඕනෙ නම් මේකට ගහපන් ” යනුවෙන් සඳහන් කරමින් ජාතික ජනබලවේගයේ ලාංජනය ඇතුළත් කර සකස් කරන ලද පෝස්ටුවක් එලෙස සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී. විශේෂයෙන් ට්විටර් (X) සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙය හුවමාරුවෙමින් පවතී.

මෙම පෝස්ටුව වැඩි දෙනෙකු සත්‍ය බව පිළිගෙන සිය අදහස් හුවමාරු කර තිබෙන බව  Factseeker නිරීක්ෂණය කළේ ය.

ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට Factseeker කටයුතු කළෙමු.

ඇත්ත ඡායාරූපය කුමක්ද?

මෙම ඡායාරූපය 2019 වසරේ පැවති ජනාධිපතිවරණ කාල සීමාවේදී ගත් ඡායාරූපයකි. එම ජනාධිපතිවරණයේදී මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකාව දිගින් ඉතා වැඩි පත්‍රිකාවකි. එය මුද්‍රණය කර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට භාර දුන් අවස්ථාවේ එහි දිග පෙන්වන අවස්ථාවේදී ඡායාරූප ශිල්පියෙකු විසින් ලබාගත් ඡායාරූපය මෙලෙස සංස්කරණය කර ඇති බව factseeker කළ සොයා බැලීමේදී අනාවාරණය විය.

මේ සම්බන්ධයෙන් factseeker මහින්ද දේශප්‍රිය මහතාගෙන් ද විමසු අතර ඔහු පැවසුවේ, මේ ආකාරයෙන් තමාගේ ඡායාරූප සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව ය. එසේම අදාළ දේශපාලන පක්ෂයේ පත්‍රිකාවක් අතැතිව එවැනි ප්‍රකාශයක් නොකළ බව ද හෙතෙම පැවැසීය.

ඒ අනුව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන මහින්ද දේශප්‍රිය මහතා සිටින ඡායාරූපය 2019 වසරේදී ලබාගත් ඡායාරූපයක සංස්කරණය කළ ඡායාරූපයක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

මැයි 28, 2025

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

මැයි 27, 2025

සමාජ මාධ්‍ය වල සංසරණය වන දළදා වහන්සේගේ වීඩියෝ අනුරූ පමණි.

අප්‍රේල් 25, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection