Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

කදාන ප්‍රදේශයේ සැරි සැරූ මරිය මවුන්ගේ රුවට සමාන රුව කාගේද?

False
False

පසුගිය කාලසීමාව තුළ විවිධ ආගම් සහ ආගම් ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජයේ කතා බහට ලක් විණි. ඇතැම් පුද්ගලයින් අත්අඩංගුවට ලක් වීඹ ද පසුගිය කාලසීමාව තුළ සිදු වුණි.

by Anonymous |

පෙබරවාරි 16, 2024

මේ අතර මීට දින කිහිපයකට ඉහතදී මරිය මව්තුමියගේ හැඩරුවට සමාන කාන්තාවක් කදාන ප්‍රදේශයේ සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණි.

“මරියතුමි නේද මේ? මේ සීන් එක මොකක්ද, කඳානේ මරියතුමි වගෙ කෙනෙක් පල්ලිය ඉස්සරහ ඉන්නව කියන්නේ ඇත්තක්ද,  දන්න කෙනෙක් ඉන්නව නම් විස්තරේ කියන්නකො” යනුවෙන් යම්කිසි පුද්ගලයෙකු විසින් විමසන වීඩියෝවක් මෙලෙස හුවමාරු වෙමින් පවතී.

බොහෝ දෙනෙකු මේ කුමක්ද ? යන්න දැන ගැනීමට වැඩි උන්නදුවක් දක්වන බව ඒ සම්බනධයෙන් හුවමාරු වී තිබූ අදහස්වලින් පැහැදිළි විය.

එම නිසා කදාන ප්‍රදේශයේ සැරිසරන බව කියන කාන්තාව කවුරුන් ද? යන්න Fact seeker සොයා බැලුවෙමු.

අපි මේ සම්බන්ධයෙන් කදාන පොලිස් ස්ථානයෙන් කළ විමසීමකදී ඔවුන් සදහන් කළේ ,මෙම කාන්තාව රුසියානු ජාතික කාන්තාවක් බවත් ඇයගේ රුව, ඇද සිටි ඇදුම සහ ඇයගේ ගමන් විලාසය අනුව බොහෝ දෙනෙකු දැඩි කුතුහලයකින් පසු වන බවයි.

එමෙන්ම කදාන පොලීසිය ඇයගෙන් කට උත්තරයක් ද ලබා ගෙන ඇති අතර ඇය භාවනා කටයුතුවල යෙදෙන කාන්තාවක් වන අතර ඇය මෙරට වීදියක ගමන් කිරීමේදී ගත් වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍ය හරහා හුවමාරු වී ඇති බවත් කදාන පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ ය.

Fact seeker මේ සම්බන්ධයෙන් කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පියතුමන්ගෙන් කළ විමසීමකදී පියතුමන් සඳහන් කළේ, එම කාන්තාව කඳාන දේවස්ථානයේ දී  දැක නොමැති අතර දේවස්ථානය සමඟ අදාළ කාන්තාවගේ කිසිදු සම්බන්ධතාවයක් ද, නොමැති බවයි.

Latest updates

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

Related Content

මීගමුව බන්ධනාගාරයේ රූමත් කාන්තා රැඳවිය වෛද්‍ය ශිෂ්‍යාවක් නෙවෙයි.

ජූලි 15, 2026

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection