Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ලතා වල්පොලට හදිසි සැත්කමක් කළා ද?

False
False

ශ්‍රී ලාංකේය ගීත කෝකිලාවිය ලතා වල්පොලට හදිසි සැත්කමක් කර ඇති බවට සඳහන්  යූ ටියුබ් නාලිකාවක් නිකුත් කර ඇති වීඩියෝවක් factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

මාර්තු 22, 2024

මෙය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ ද හුවමාරු වී තිබිණි.

ලතා වල්පොල මහත්මිය ඉතාම සංකීරණ සැත්කමකට භාජනය වී රෝගාතුරව පසුවන බවත් පාපොච්චාරණයක් ලෙස ලිපියක් දියණියට ලබාදී ඇති බවත් මෙම විඩියෝවේ සඳහන් කර තිබේ.

එම ලිපිය හරහා පවුලේ සහ කලා කෂේත්‍රයේ යම් යම් සිදුවීම්ද සඳහන් කර ඇති බවට මෙම විඩියෝවේ සදහන් කර ඇත.

කෙසේවෙතත් මෙම විඩියෝවට සංස්කරණය කළ ඡායාරූප යොදාගෙන ඇති අතර ලතා වල්පොල මහත්මිය රෝහල් ගතකරන හෝ සැත්කමකට භාජනය කළ ඡායාරූප ඇතුළත් කර නොතිබිණි. එමෙන්ම මීට වසර කිහිපයකට පෙර ඇය පුවත්පතකට කර තිබු ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම විඩියෝව සකස්කර ඇති බවක් පෙනෙන්නට තිබේ.

ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඇගේ රසික රසිකාවියන් අදහස් දක්වා තිබිණි.

එමෙන්ම ලතා වල්පොල මහත්මියගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇගේ පවුලේ සමීපතමයෙක් (මුණුබුරා) වන තිසර බණ්ඩාරගෙන් විමසු විට ඔහු පැවසුයේ “ආච්චි ඉතාමත් සනීපෙන් සතුටින් ගෙදර ඉන්නවා. එයා අසනීපෙන් ඉන්නෙ, තීර්ණාත්මක සැත්කමක් කරා කියලා යන ප්‍රචාරය බොරුවක්.” යනුවෙන් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබිණි.

ඒ අනුව ලතා වල්පොල හදිසි සැත්කමකට ලක්කළ බව කියැවෙන විඩියෝව අසත්‍ය කරුණු සහිත ව්‍යාජ එකක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection