Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

මේ දවස්වල රස්නෙයි නේද? එහෙනම් මේ ගැනත් දැන ගන්න.

Factual
Factual

මේ දිනවල පවතින අධික රස්නය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් කිරීම් කර ඇත. මේ අතර සමාජ මාධ්‍ය වේදිකාවල ද යම් යම් දැනුවත් කිරීම් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

මාර්තු 6, 2024

පවතින අධික උණුසුම් කාලගුණය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර උණුසුම් කාලගුණයෙන් හානියක් නොවී ආරක්ෂා සහිතව සිටීමට සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් ලබාදී තිබේ. මේ අතර උණුසුම් කාලගුණය සම්බන්ධ විවිධ පණිවිඩ ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය පෝස්ට් හුවමාරු වන බව factseeker නිරීක්ෂණය කළ අතර සිංහල ඉංග්‍රීසි දෙමල භාෂාවලින් හුවමාරු වන මෙම පණිවිඩවල සත්‍යතාවය තහවුරු කරගැනීමට factseeker කටයුතු කළේය .

 

උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා වැඩිවෙලාද?

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණික දත්ත උපයෝගී කර ගනිමින් වසර ගණනාවක ලංකාවේ විවිධ නගරවල වාර්ෂිකව වැඩිම උෂ්ණත්වය වාර්තා වන මාස සහ උෂ්ණත්ව පරාස පිළිබඳව නිරීක්ෂණය කළ අතර ඒ තුළ එවැන්නක් වාර්තා වී නැත.
මේ දිනවල වාර්තා වන උෂ්ණත්වයට සමාන අගයට වඩා වැඩී වී ඇති අතර එය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් නැත.
උදාහරණයක් ලෙස කොළඹ වැඩිම උෂ්ණත්වය වාර්තා වන්නේ මාර්තු මාසයේ වන අතර එය සෙල්සියස් අංශක 32 කි. නමුත් පසුගිය බදාදා (28) බ්‍රහස්පතින්දා (29) සිකුරාදා (30) යන දින තුන තුළ ශ්‍රී ලංකාවේ වැඩිම උෂ්ණත්වය කොළඹින් වාර්තා වූ අතර එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8 කි . මාර්තු 02 සෙනසුරාදා වැඩිම උෂ්ණත්වය කුරුණෑගලින් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 36.8 කි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා වැඩිව ඇති බව පැවසීම ඒ අනුව අසත්‍යකි.
පසුගිය වසර 30 තුළ ලංකාවේ විවිධ ප්‍රදේශවල වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇති මාස සහ එම අගයන් සදහන් කර ඇති දත්ත දෙස අවධානය යොමු කිරීමෙන් මෙය වඩාත් පැහැදිලි වේ.

ප්‍රදේශය                     මාසය                             උෂ්ණත්වය

බණ්ඩාරවෙල               මැයි                                     27
යාපනය                    අප්‍රේල්                                   38.8
මන්නාරම                  අප්‍රේල්                                   33.1
වව්නියාව                  අප්‍රේල්                                   34.9
ත්‍රිකුණාමලය               ජුනි                                      35.4
අනුරාධපුරය               මාර්තු                                    34.8
මහඉලුප්පල්ලම           අප්‍රේල්                                   34.0
පුත්තලම                  මාර්තු                                    33.5
මඩකලපුව                ජුනි                                      34.5
කුරුණෑගල               මාර්තු                                    35.0
කටුනායක                මාර්තු                                    32.7
කොළඹ                   මාර්තු                                    32.0
නුවර එළිය               අප්‍රේල්                                   22.5
බදුල්ල                   අගෝස්තු                                 31.2
රත්නපුර                 මාර්තු                                    34.2
ගාල්ල                   මාර්තු                                    31.6
හම්බන්තොට           අප්‍රේල්                                   31.9
පොතුවිල්               ජුනී                                      35.0
මාතර                   ජුලි                                      34.1
මොනරාගල            ජූලි                                      35.0
පොලොන්නරුව       අගෝස්තු                                35.7

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ ද වයඹ බස්නාහිර දකුණු පළාත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළ උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතාගේන් විමසීමේදී ඔහු පැවැසුවේ, පසුගිය වසර කිහිපය සමග සන්සන්ධනය කළහොත් මේ වසරේ අධික උණුසුම් කාලගුණයේ වැඩිවීමක් තිබෙන බවය. එයට ප්‍රධාන හේතු කිහිපයක් පවතින බව පැවැසූ ඔහු මීට පෙර වසරවල සිටම කතා කරපු “එල්නිනෝ” තත්ත්වය එයට ප්‍රධානතම හේතුවක් බව ද පැවැසීය.

අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යංශය විසින් මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර ඒවා මෙසේය

1. පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)

2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම

3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරන කාලය අවම කිරීම

4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම්වලට යොමු වීම

5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම

6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක්වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

බස්නාහිර, වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සහ මොණරාගල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම තත්වය වඩාත් දරුණු ලෙස බලපා තිබෙනවා.
මෙම උෂ්ණත්වය අධික වකවානුවේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද යහ පැවැත්ම උදෙසා ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඔබට අප යළිත් සිහිපත් කරමු.

මේ අනුව සමාජ මාධ්‍ය හරහා කාලගුණය සම්බන්ධයෙන් වැරදි තොරතුරු මෙන්ම සහ නිවැරදි තොරතුරු ද හුවමාරු වන බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස factseeker ජනතාවට දැනුම් දෙයි

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection