Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ඇන්ජලෝ මැතිව්ස් පොතක් ලිව්වාද?

Factual
Factual

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ T20 නායකත්වය හෙබවු ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් විසින් පොතක් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ පෝස්ටු හුවමාරුවෙමින් පවතී.

by Anonymous |

මාර්තු 9, 2024

“න්‍යාය පත්‍රයක කොටසක් ලෙස තමන් කණ්ඩායමෙන් නෙරපා දැමූ ආකාරය විස්තර කෙරෙන ‘ඇජෙන්ඩා’ නම් පොත එළිදැක්වේ.” යනුවෙන් සඳහන් කරමින් පොස්ට් හුවමාරු වන අතර එම පොස්ට් තුළ ඇති පොතක ඡායාරූපයේ ඇන්ජලෝ මැතිව්ස්ගේ රුව ඇතුළත් කර තිබේ.

එමෙන්ම “කණ්ඩායමෙන් මා නෙරපීමේ ඇජනේඩා ඇන්ජලෝ මැතිව්ස් – පෙරවදන රෙක්ස් ක්ලෙමෙන්ටයින්“ යනුවෙන් එහි සඳහන් කර තිබේ.

මෙවැනි පොතක් ඇන්ජලෝ මැතිව්ස් විසින් ප්‍රකාශයට පත්කර ඇතිදැයි ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කර සොයා බැලු අතර ඒ තුළ ඔහු එවැන්නක් සඳහන් කර නොමැති බව නිරීක්ෂණය විය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආසන්න දිනයකදී “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය‘ නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කළ අතර මෙම පොස්ටුවේ ඇති ඡායාරූපය ද එම පොතට බෙහෙවින් සමාන බව Search any image with Google Lens හරහා සොයාබැලීමේදී ද අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් Fact seeker ඇන්ජලෝ මැතිව්ස්ගේ කළමනාකරුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඇන්ජලෝ මැතිව්ස් එවැනි කෘතියක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි.

ඒ අනුව “කණ්ඩායමෙන් මා නෙරපීමේ ඇජනේඩා ඇන්ජලෝ මැතිව්ස් – පෙරවදන රෙක්ස් ක්ලෙමෙන්ටයින්“ යනුවෙන් හුවමාරුවන සමාජ මාධ්‍ය පෝස්ටු සංස්කරණය කරන ලද පෝස්ටුවක් බව factseeker තහවුරු කරයි.

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection