Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

False
False

රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩාරලාගේ සුදා වන්නියා ඇත්තන් හදිසියේ මිය යාමෙන් පුරප්පාඩු වූ නායක ධූරයට පත් වූයේ සරසවි සිසුවෙකු බව සමාජ මාධ්‍ය ජාලවල පමණක් නොව ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලද ප්‍රවෘත්ති පළ වී තිබිණි.

by Anonymous |

මැයි 14, 2026

නිගමනය: මෙම ප්‍රවෘත්තිය අසත්‍යකි.

ඒ අනුව ඉකුත් 11 දා දිණමිණ පුවත්පතේ මුල් පිටුවේ එය වාර්තා කර තිබුණේ, ” රතුගල නව ආදිවාසී නායකයා සරසවි සිසුවෙක්” බවයි. එමෙන්ම දිණමිණ වෙබ් අඩවියේ ද මෙම ප්‍රවෘත්තිය පළ කර තිබිණි. අද දෙරණ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ අකෘතියට අනුව සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන පෝස්ටුවක් ද Factseeker නිරීක්ෂණය කළේ ය.

 

විමර්ශනය: මේ අතර රතුගල ආදිවාසී සංවර්ධන සමිතිය නමින් ඔවුන්ගේ ලිපි ශීර්ෂයකින් යුතුව යොමු කරන ලද මාධ්‍ය නිවේදනයක් ද මේ අතර සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූයේ ය.

එහි සඳහන් වූයේ රතුගල ආදිවාසීන්ගේ නව නායකයා ලෙස දානිගල මහ බණ්ඩාරලායවගේ නිශාන්ත කුමාර පත් කළ බවයි. ඔහු හිටපු රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩාරලාගේ සුදා වන්නිය ඇත්තන්ගේ වැඩිමහල් පුත්‍රයා ද වන්නේ ය.

සමහර මාධ්‍යවල ඔහුගේ නම නිපුන ලෙසත් ඔහු සරසවි ශිෂ්‍යයෙකු බවත් සඳහන් කර ඇති අතර ඒවා සම්පූර්ණ අසත්‍ය බව ද එම ලිපියෙහි සඳහන් වෙයි. Factseeker මේ සම්බන්ධයෙන් රතුගල ආදාවාසී සංවර්ධන සමිතියේ සභාපති ඩී.එම්.ඩී. දිසානායකගෙකන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහුද මාධ්‍ය නිවේදනයේ අන්තර්ගත කරුණු සනාථ කළේ ය.

මේ අතර දිණමිණ පුවත්පත ඊයේ (12) රතුගල ආදිවාසී නව නායකයා සරසවි සිසුවෙක් බව ඉකුත් 11 දා පළ වූ ප්‍රවෘත්තිය ප්‍රමාද දොෂයකින් සිදුවූ වරදක් බව සඳහන් කර තිබිණි.

එමෙන්ම අද දෙරණ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළ වූ “රතුගල නව ආදිවාසී නායකයා ලෙස සබරගමු සිසු නිපුන ඇත්තන් පත් කරයි”යනුවෙන් පළ කර ඇති පොස්ටුව එම වෙබ් අඩවියේ ආකෘතියට අනුව සකස් කළ ව්‍යාජ ප්‍රවෘත්තියක් බව වැඩිදුරටත් නිරීක්ෂණය කිරීමේදී දැනගත හැකි විය.
ඒ අනුව රතුගල ආදිවාසී නායකයා සරසවි සිසුවෙක් බවට පළ වන වාර්තා අසත්‍ය බව Factseeker තහවුරු කරයි

Latest updates

#false

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

#misleading#AI

වෙනිසියුලා භූමිකම්පාවේ සත්‍යතාව විකෘති කරන AI සහ පැරණි වීඩියෝ

ජූනි 30, 2026

#AI

ඉන්දියා A – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ලෙස ප්‍රචාරය වන වීඩියෝව සම්පූර්ණයෙන්ම ව්‍යාජයි

ජූනි 17, 2026

Related Content

මීගමුව බන්ධනාගාරයේ රූමත් කාන්තා රැඳවිය වෛද්‍ය ශිෂ්‍යාවක් නෙවෙයි.

ජූලි 15, 2026

ශිහාන් මිහිරංග පැවිදි වූ බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

ජූලි 7, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection