Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

False
False

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසන සංවිධායක ලෙස රංගන ශිල්පියෙකු වන රජිත හිරාන් චාමිකර පත් කර ඇති බව සමාජ මාධ්‍ය ජාල පුරා පෝස්ටු සංසරණය වෙයි.

by Anonymous |

ජනවාරි 30, 2026

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ ගේ අභාවයෙන් පසු හිස්  වූ කැස්බෑව ආසන සංවිධායක ධූරය සඳහා රජිත හිරාන් පත් කර ඇතැයි මෙසේ හුවමාරු වන පෝස්ටුවල සඳහන් කර තිබිණි. ඔහු කුමක් හෝ උත්සවයකට සහභාගී වන අවස්ථාවේදී කාන්තාවන් කිහිපදෙනෙකු ඔහු උණුසුම් ලෙස පිළිගන්නා අකාරය ඇතුළත් වීඩියෝවක් ද අසුනක සිට කුමක් හෝ සටහන් කරන ආකාරයත් හැඟවෙන පෝස්ටු ද මේ අතර විය.

 

මේ සම්බන්ධයෙන් පළ වී ඇති පෝස්ටුවලට පරිශීලකයින් දක්වා ඇති අදහස්වල ඇතැමුන් එය සත්‍යක් ලෙස පිළිගෙන තිබූ අතර තවත් සමහරු එය අසත්‍ය බව දක්වා තිබිණි.

එබැවින් Factseeker ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කළේ ය.

ඒ සම්බන්ධයෙන් හුවමාරු වන වීඩියෝ නිරීක්ෂණය කිරීමේ දී රංගන ශිල්පිනී අනූෂා දමයන්ති සහ රංගන ශිල්පී අර්ජුන් කමලනාත් ඉහත කී උත්සවයට සහභාගී අවස්ථාවේ මාධ්‍යයට කරන ප්‍රකාශයක වීඩියෝවක් අපට හමු විය. එහිදී ඔවුන් ප්‍රකාශ කරන්නේ, කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් වූ අජිත් නාරගලට සුබ පැතීම සඳහා මෙම ස්ථානයට පැමිණි බවයි. එම වීඩියෝවේ රජිත හිරාන් චාමිකර ද සිටින බව දක්නට ලැබිණි.

මෙතැනින්- https://www.facebook.com/share/r/17p4MxdZpy/

මේ අතර කැස්බෑව ආසන සංවිධායක ලෙස රජිත හිරාන්ප චාමිකර පත් කර ඇති බව පළ වන ප්‍රචාර අසත්‍ය බව අජිත් නාරගල විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙන බව Factseeker ට නිරීක්ෂණය විය.

මේ අතර හිරු ටීවී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයකදී ද කැස්බෑළු ආසන සංවිධායක ලෙස අජිත් නාරගල පත් කර ඇති බව සඳහන් කර තිබිණි.

එය මෙතැනින් – https://www.facebook.com/reel/1227514156191498

අපි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්නගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු ප්‍රකාශ කළේ, කැස්බෑව ආසන සංවිධායක ලෙස අජිත් නාරගල පත් කර ඇති බව ත් හුවමාරු වන වීඩියෝවල ඇත්තේ අජිත් නාරගල පිළියන්දල නගරයේ පක්ෂ කාර්යාලයක් විවෘත කළ අවස්ථාවක් බවයි. මෙම අවස්ථාවට කලාකරුවන් රැසක් සහභාගී වී ඇති අතර රජිත හිරාන් චාමිකර ද ඒ අතර වූ බව සංජීව එදිරිමාන්න අනාවරණය කළේ ය. එම පක්ෂ කාර්යාලයේ තබා තිබූ සමරු සටහන් පොතට රජිත හිරාන් සටහනක් තබන ඡායාරූපයක් ද හුවමාරු වන පෝස්ටුවල තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඒ අනුව රංගන ශිල්පී රජිත හිරාන් චාමිකර කැස්බෑව ආසන සංවිධායක ධූරයට පත් කර නැති බව Factseeker  තහවුරු කරයි.

 

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

දෙසැම්බර් 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection