ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පුවත් සංසරණය වන බව FactSeeeker නිරීක්ෂණය කළේය.
by Anonymous |
දෙසැම්බර් 16, 2025

මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වන බව අනාවරණය විය. සමාජ මාධ්‍ය පරිශීලකයින් ද නිවන් සුව පතමින් තම ශෝකය පළ කර තිබුණි. නමුත් ඇතැම් පිරිස් ගායන ශිල්පිනී ලතා වල්පොල මිය ගිය බවට පළවන පුවත අසත්‍ය බව දක්වමින් අදහස් පළකර ඇති බවද නිරීක්ෂණය විය.
මෙම අදහස් දැක්වීම්වල පවතින පරස්පරතාව හේතුවෙන් එම සිදුවීමේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව FactSeeker සොයා බැලීය.

ඒ අනුව අපි ගායන ශිල්පි දයාන් විතාරණගෙන් ලතා වලපොළ මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව විමසීමක් කළෙමු.එහිදී ඔහු සඳහන් කර සිටියේ , ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය රෝහල් ගත කර ඇති බවත් මේ වන විට ඇය සුවය ලබමින් සිටින බවත් ය.
එසේම ඇතැම් කලාකරුවන් ද ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය පිළිබද සමාජ මාධ්‍ය වල පළවන සටහන් සාවද්‍ය බව දක්වමින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා සටහන් ද පළ කර තිබුණි.
https://www.facebook.com/share/p/14QjBYS38Sh/
https://www.facebook.com/share/p/16tq9AHZSG/

ඒ අනුව ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් සාවද්‍ය බව FactSeeker තහවුරු කරගන්නා ලදී.