Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

Misleading
Misleading

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව නායයෑම් තත්වයක් ඇතිවී නොමැති බවත් පස් කදු කඩා වැටීමක් පමණක් සිදුවී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වව බව නිරීක්ෂණය විය.

by Anonymous |

දෙසැම්බර් 2, 2025

මේ දිනවල පවතින ආපදා තත්වය හේතුවෙන් රට පුරා සිදුවී ඇති ව්‍යසනකාරී වාතාවරණයන් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ තොරතුරු සංසරණය වේ. ඒ අතර ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල කන්දෙහි ද නායයෑමක් සිදුවී ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී නායයෑම දුර සිට දිස්වන ආකාරය දැක්වෙන ඡායාරූප හා මහගිරිදඹය ආසන්නයේ නායගොස් ඇති බවට වීඩියෝ කිහිපයක් ද සංසරණය වන බව අනාවරණය විය.

https://www.facebook.com/share/r/1Cd5runBQ1/

https://www.facebook.com/share/r/1ZgvpofCMR/

https://www.facebook.com/share/p/1QqhKNne68/

ඇතැම් පිරිස් මෙම ඡායාරූපය මීට පෙර අවස්ථාවකදී ගන්නා ලද්දක් බවට ද අදහස් දක්වා තිබුණි. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවී තිබූ බැවින් FactSeeker මේ පිළිබදව සොයා බැලීය.

මේ සම්බන්ධයෙන් අප නිල වශයෙන් නිකුත් කර තිබු මාධ්‍ය වාර්තා ඇත්දැයි විමර්ශනය කළේය. ඒ අනුව 12/01 වන දින දිනමිණ පුවත්පත වාර්තා කර ඇති පුවතක් නිරීක්ෂණය විය.”ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කිසිම නායයෑමක් නෑ” යනුවෙන් පළ කර තිබූ එම ප්‍රවෘත්තියෙහි සඳහන් වූයේ ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව හෝ රත්නපුර හැටන් මාර්ග ආශ්‍රිතව කිසිදු නායයෑමක් නැතැයි ශ්‍රී පාදස්ථානයේ භාරකාරීත්වය සදහන් කළ බවයි.11 /30 වනදා සමාජ මාධ්‍ය හි එවැනි ව්‍යාජ පුවත් සංසරණය වූ බවත් එම පුවත් අසත්‍ය බවටත් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මධින්න ස්වාමීන් වහන්සේ පැවසූ බව එහි දක්වා තිබුණි. අදාළ ප්‍රදේශය නායයෑමක් නොවූ බවත් ඇතැම් කාල වලදී සුළු නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවන බවට ශ්‍රී පාදස්ථානයේ උඩ මලුවේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර විසින්ද දිනමිණ පුවත්පත වෙත අදහස් දක්වා තිබුණි.

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශය නායයෑමකට ලක්ව ඇති බවට සංසරණය වූ ඡායාරූපය සම්බන්ධයෙන් පසුව අප විමසා බැලීය. එම ඡායාරූපය තුළ දිස්වන ආකාරයට මහගිරිදඹය ප්‍රදේශයෙන් මඩ සහිත ජල පහරක් ගලා එන ආකාරය දිස්වේ. සමාජ මාධ්‍ය තුළ මෙය සංසරණය වී තිබුණේ නායයෑමක් ලෙසය. මේ සම්බන්ධයෙන් පසුව ශ්‍රී පාදස්ථානාධිපති ස්වාමීන් වහන්සේ දක්වා තිබුණේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ශ්‍රී පාදස්ථානයේ සිදුකරනු ලැබූ පිරිසිදු කිරීමේ කටයුතු වලින් එක්වූ කැළිකසල වර්ෂාවට සේදී යාමෙන් මෙම තත්වය ඇතිවී ඇති බවය. එම වැඩසටහන නොවැ.25 වනදා පවත්වා ඇත. ඒ පිළිබදව මාධ්‍ය හරහා කළ පළකිරීම් ද සොයා ගැනීමට FactSeeker හට හැකි විය.

https://www.newswire.lk/2025/11/26/clean-sri-lanka-national-drive-launched-to-protect-adams-peak-ecosystem/

https://pmd.gov.lk/news/special-clean-up-operation-launched-at-adams-peak/#:~:text=A%20national%20programme%20launched%20jointly,the%20Sri%20Pada%20pilgrimage%20season.

නමුත් කුමන ආකාරයේ හෝ නායයෑමක් සිදුවී ඇත් ද? යන්න පිළිබදව තවදුරටත් අප කළ සොයා බැලීම්වල දී 12/01 වන දා දෙරණ නාලිකාවේ පුවත් විකාශය තුළින් ශ්‍රී පාදස්ථානයේ නවතම තත්වය පිළිබදව වාර්තා කොට තිබුණි.

https://www.youtube.com/live/uM14nVWCd0w?si=PS_HfQ4N2fDeeH_f&t=644

ඒ අනුව ශ්‍රී පාද -හැටන් මාර්ගයේ මහගිරිදඹ ඇහැළ කණුව අසල ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටී ඇත. පසුව කඩා වැටුණු පස් කන්ද හැටන් පොලිසිය සහ යුධ හමුදා භට පිරිස් එක්ව ඉවත් කර ඇත. එමෙන්ම අවහිර වූ පඩිපෙල් මාර්ගයද පිරිසිදු කර ඇත.

කෙසේ වෙතත් පස් කදු කඩා වැටීම සහ නායයෑමක් අතර යම් වෙනසක් පවතී ද? යන්න පිළිබදව විමසා බැලීමක්ද සිදු කළේය. ඒ සම්බන්ධයෙන් වන සරල නිර්වචනයක් ලෙස “උස් තැනක් ආශ්‍රිත බෑවුම් ප්‍රදේශයක පස් තට්ටු පහළට ලිස්සා යාම” නායයෑමක් ලෙස හැදින්විය හැක. නායයෑම් සිදුවන ආකාර කිහිපයක් ඇති අතර පස් කදු කඩා වැටීම ඒ අතර එක් ආකාරයකි. මේ සම්බන්ධයෙන් වන නිර්වචන කිහිපයක් ,

https://archive.roar.media/sinhala/main/environment-wildlife/how-landslides-occur

https://www.facebook.com/

ඒ් අනුව පස්කදු කඩා වැටීමක් ලෙස සඳහන් කළද සත්‍ය ලෙසම නායයෑම් තත්වයක් ඇතිවී ඇති බව අනාවරණය විය.

FactSeeker කළ විමර්ශන වලදී අනාවරණය වූ කරුණු අනුව ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත මහගිරිදඹය ඇහැළ කණුව ආසන්නයේ පස් කන්දක් කඩා වැටී ඇති බවට පළ කර ඇති වාර්තා සත්‍ය බවත් සංසරණය වන වීඩියෝ එහි දර්ශන බව අනාවරණය විය .එමෙන්ම ඇතිවූ වර්ෂාව හේතුවෙන් කැළිකසල එක්ව ජලය ගලා යාමක් සිදුවී ඇති බවද තහවුරු විය. එලෙසම නායයෑමක් සිදුනොවී ,පස් කන්දක් කඩා වැටීම පමණක් සිදුවී ඇති බවට සඳහන් කර ඇති තොරතුරු නොමග යවන සුළු තොරතුරු වන බව සහ පස් කදු කඩා වැටීම යනු නායයෑමෙහි එක් ආකාරයක් බව ද FactSeeker තහවුරු කරගන්නා ලදී .

Latest updates

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

#false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

ත්‍රිකුණාමලයේ සිදුවිම සම්බන්ධයෙන් සජිත් ,දයාසිරි , නලීන් පාර්ලිමේන්තුවේදී පවසන කරුණු නොමග යවන සුලුයි.

නොවැම්බර් 21, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection