Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

False
False

ප්‍රධාන ජලාශ කිහිපයක වේලි පවතින ආපදා තත්වය හමුවේ බිදී යාමේ අවධානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවතක් හේතුවෙන් එම ප්‍රදේශ වලින් ඉවත්ව යන පිරිස්හි වීඩියෝ දර්ශන කිහිපයක් නිරීක්ෂණය කළේය.

by Anonymous |

දෙසැම්බර් 1, 2025

පවතින අයහපත් කාලගුණය යටතේ ජලාශ කිහිපයක වේලි කැඩී යාමේ අවදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ වී තිබුණි. කොත්මලේ මොරගහකන්ද හා වික්ටෝරියා යන ජලාශ වල වේලි කැඩී යාමේ අවදානමක් පවතින බව මේ අයුරින් සංසරණය වී තිබුණි. මෙම තොරතුරු සමාජගත වීමත් සමග බොහෝ පිරිස් එම ප්‍රදේශ වලින් ඉවත්වීමට කටයුතු කර තිබුණි.

https://www.facebook.com/share/r/1Cuf6axxWt/
මෙම පුවත් වල සත්‍යතාවයක් පවතී ද? යන්න සම්බන්ධයෙන් FactSeekr විමර්ශනය කළේය.

ඒ අනුව එම අවස්ථාවේම කොත්මලේ ජලාශය ආසන්නයේ රැදී සිටිමින් රජයේ නිලධාරිනියක විසින් එවැනි උවදුරක් නොමැති බවට සමාජ මාධ්‍ය හරහාම පවසා තිබුණි.ඇය සදහන් කරන ආකාරයට තත්පරයට ඝන මීටර් 80ක වාන් දැමීමක් පමණක් සිදුවී ඇත. එයින් කිසිදු ආපදාවක අවදානමක් ඇති නොවන බවට වැඩිදුරටත් සදහන් කළේය.

https://www.facebook.com/share/r/1DC12BDZ11/

එමෙන්ම ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් වික්ටෝරියා , මොරගහකන්ද හා කොත්මලේ යන ජලාශ වල වේලි බිදීයාමේ අවදානමක් නොමැති බව ප්‍රකාශයට පත්කර තිබුණි. මේ සම්බන්ධයෙන් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබූ අතර විශේෂයෙන් කොත්මලේ ජලාශයේ කාර්යයේ නියුතු ඉංජිනේරුවෙකුගේ ප්‍රකාශයක් ද උපුටා දක්වා තිබුණි.
https://srilankamirror.com/news/reservoir-dams-have-not-breached-disaster-management-centre/?hl=en-GB&amp=1
https://hirunews.lk/433549/there-is-no-risk-of-moragahakanda-and-kotmale-dams-breaking-dmc?hl=en-GB

පසුව බොහෝ පිරිස් මේ සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරුද ඉදිරිපත් කර තිබුණි.
https://www.facebook.com/share/r/1By2fmWzvr/
https://www.facebook.com/share/v/1CiHPsapKS/

ඒ අනුව සමාජ මාධ්‍ය‍ ඔස්සේ වික්ටෝරියා , කන්තලේ සහ මොරගහකන්ද යන ජලාශ වල වේලි කැඩී යාමේ අවදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් අසත්‍ය බව FactSeeker තහවුරු කරන ලදී.

Latest updates

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

#false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

Related Content

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection