Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

Misleading
Misleading

නොවැම්බර් 21 වනදා නුගේගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින් විපක්ෂයේ පක්ෂ එක්ව පැවැත්වූ විරෝධතා රැළියට එක්වූවන්ට දුන් බව කියන මත්පැන් බෝතල් යැයි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

නොවැම්බර් 24, 2025

වත්මන් රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් පසුගිය 21 වනදා නුගේගොඩදී ජනරැළියක් පැවැත්වීය.
එම ජන රැළියට සහභාගි වූවන්ට ලබා දීමට රැගෙන ආ බව දක්වමින් මත්පැන් බෝතල් යනුවෙන් සඳහන් කරමින් මත්පැන් ඇසුරෑ පෙට්ටි සහිත ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker ට නිරීක්ෂණය විය. 21 වනදා රැළියට ඒකාබද්ධ විපක්ෂයෙන් සහය ලබාදුන් ආකාරය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූප හුවමාරු වී තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් FactSeeker කළ සොයාබැලීම් වලදී අනාවරණය වූයේ එම ඡායාරූප මෑතකදී ගත් ඒවා නොවන බවයි.

2022 වසරේදී රටෙහි ඇතිවූ අරගල‍යේදී රටේ ඇතිවූ කලබලකාරී වාතාවරණයේදී ගිනි තැබීම් සහ පහරදීම් හේතුවෙන් මැති ඇමතිවරුන්ගේ නිවාස සහ දේපළවලට බරපතල හානි සිදුවිය. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ප්‍රාඩෝ වර්ගයේ රථයකට ද හානි වී තිබුණි. එම අවස්ථාවේ අදාළ රථය තුළ තිබී හමුවූ ද්‍රව්‍යන් හි ඡායාරූප කිහිපයක් මේ ලෙසින් සංසරණය වී ඇති බව ඒ අනුව අනාවරණය විය.


ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබූ තොරතුරු අනුව තවදුරටත් එය තහවුරු විය.

https://x.com/Dailymirror_SL/status/1523632768608919553

මෙම කරුණු අනුව පෙනී යන්නේ, පසුගිය 21 ‍වෙනිදා නුගේගොඩ රැළියට රැගෙන ආ මත්පැන් බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප මීට වසර කිහිපයකට පෙරදී ගන්නා ලද ඡායාරූප වන බවයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

ත්‍රිකුණාමලයේ සිදුවිම සම්බන්ධයෙන් සජිත් ,දයාසිරි , නලීන් පාර්ලිමේන්තුවේදී පවසන කරුණු නොමග යවන සුලුයි.

නොවැම්බර් 21, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection