Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ත්‍රිකුණාමලයේ සිදුවිම සම්බන්ධයෙන් සජිත් ,දයාසිරි , නලීන් පාර්ලිමේන්තුවේදී පවසන කරුණු නොමග යවන සුලුයි.

Misleading
Misleading

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පළවූ අදහස් පිළිබදව Factseeker අවධානය යොමු කළේය.

by Anonymous |

නොවැම්බර් 21, 2025

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට ඉකුත් 16 වනදා රාත්‍රියේ පොලිස් නිලධාරින් පැමිණ එහි අනවසර ඉදිකිරීමක් ඉවත් කරන්නට යාමෙන් ඇතිවූ ගැටුමක් ‍පසුගිය දින කිහිපය පුරා පාර්ලිමේන්තුවේ පමණක් නොව ඉන් පිටතත් මහත් ආන්දෝලනයකට ලක් වුණි.

අදාළ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමේදී මෙම විහාරස්ථානය අනවසර ඉදිකිරීමක් නොවන බවත් ඒ සදහා හිමිකම් සහිත නීත්‍යානුකූල පූජා ඔප්පුවක් ඇති බවට භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කරන බවද දක්වා තිබුණි.

https://www.facebook.com/vasanthan.krish/posts/pfbid02ZeAqXTRS75aUx88PiumEziHoLnYNbe6PYTfNoD4wUaspZRGgetGj4Up1T347Gdo7l?rdid=zUfcdptIwIPKU8LC#

මේ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර ඉකුත් 16 දා පාර්ලිමේන්තුවේ දී අදහස් ප්‍රකාශ කළේය. එහිදී ඔවුන් සඳහන් කළ කරුණු අනුව පෙනී යන්නේ ත්‍රිකුණාමල පොලිසිය කළ ක්‍රියාව නීත්‍යානුකූල නොවන බවයි. මේ මගින් භික්ෂූන් වහන්සේලාට සහ බුද්ධ ප්‍රතිමාවකට මහා නිගාවක් සිදු වූ බව ඔවුහු දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළෝ ය.

https://www.youtube.com/live/DvPz9mhKRtk?si=CBFj4zuu2SUOjEDT&t=30906
https://www.youtube.com/live/DvPz9mhKRtk?si=Q6DS2hWtUZTJpOc6&t=5010
https://www.youtube.com/live/DvPz9mhKRtk?si=H39wip7e8jepA3E3&t=3054

ජනාධිපතිවරයා ද එදින ම පාර්ලිමේන්තුවේදි මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය. එහිදී ජනාධිපතිවරයා පවසන්නේ,

“මේ බුදු පිළිමය රාත්‍රී 11.40 ට පොලිසියට වැඩම කිරීමට අදාළව සටහන් යොදා තියෙනවා. බුද්ධ ප්‍රතිමාවේ ආරක්ෂාව සඳහා පොලිසියට වැඩම වූ බවටත් සටහන් යොදලා තියෙනවා. ඉන් පසුව ගැටුම එන්නේ පොලිසිය හා ජාතිවාදී කණ්ඩායම් අතර දැන් ප්‍රශ්නය අධිකරණයේ. ඉඩමට අදාළව පැරණි බලපත්‍රයක් තියෙනවා. මෙතන විහාරස්ථානයක් ලෙස හැඳින්වූවත් මෑත කාලයේ විහාරස්ථානයක් ලෙස භාවිතා වෙලා නැහැ. භාවිත කරලා තියෙන්නේ ආපනශාලාවක් ලෙසයි. ඒ ආපනශාලාව නීති විරෝධී ඉදිකිරීම් තියෙනවා කියලා වෙරළ සංරක්ෂණ අධිකාරියේ නියෝගයක් දීලා තිබුණා.පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මෙය ඉවත් කළ යුතුයි කියලා කියා තිබුණා. පසුව හාමුදුරුවන් වහන්සේ කියලා තිබුණා අභියාචනාධිකරණයට යන්න අපේක්ෂා කරනවා ඒ නිසා සතියක කාලයක් දෙන්න කියලා. 14 වෙනිදා දක්වා කාලය දුන්නා.16 තමයි සිද්ධිය ඇති වුණේ

හාමුදුරුවන් වහන්සේට හිමිකමක් සහිත ඉඩමක් තිබුණා. නමුත් විහාරස්ථානයක් තිබුණේ නැහැ. අධිකරණයෙන් නියෝගයක් දී තිබෙනවා තිබෙන ඉදිකිරීම් ඉවත් කරන්නත් එපා. අලුතින් ඉදිකරන්නත් එපා කියලා.”

මෙම අදහස්වල පවතින පරස්පරතාව හේතුවෙන් FactSeeker මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කළේය.

ඒ අනුව තහවුරු කරගත් කරුණු මෙසේයි. මෙම විහාරස්ථානය 1951 ආරම්භ වී ඇත. බලපිටියේ ශාන්තිනායක ස්වාමීන් වහන්සේ මෙහි මූලිකත්වය ගෙන ඇත. 2003.12.28 වෙනි දින බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේදී එය දහම්පාසලක් වශයෙන් ලියාපදිංචි කර ඇත. 2014.06.20 වන දින එවක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ විසින් මෙය අක්කර 0.1012ක (පර්චස් 40) භූමි ප්‍රමාණයක් පූජා ඔප්පුවකින් ප්‍රදානය කර ඇත.

අපි මෙහිදී ප්‍රථමයෙන් මෙම භූමි ප්‍රමාණය සම්බන්ධයෙන් වන නීත්‍යානුකූලභාවය පිළිබදව සොයා බැලීය. ඒ අනුව මෙම ඉඩම මැනීමෙන් පසු මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ මැනුම් වාර්තාවකින් මේ පිළිබඳ තහවුරු කර ගැනීමට හැකි විය. එහි සඳහන් පරිදි නගර සභාව විසින් ගස් සිටුවා ඇති අක්කර 0.1012 ක ප්‍රමාණයක් මේ සඳහා පවරා දී ඇත.
2014 වසරේදී මිහිඳුපුර කල්‍යාණවංශ හිමියන්ට පවරා දී ඇත්තේ මෙම භූමියයි. කෙසේ වෙතත් මෙහි මූලිකවම කෙරුණු ඉදිකිරීම් සදහා වෙරළ සංරක්ෂණ කාර්යාලය විසින් අවසර දී ඇත. ඒ ආරක්ෂිත වැටක් ඉදිකිරීම සදහායි. පසුව කෙරුණු ඉදිකිරීම් වෙරළ සංරක්ෂණ කාර්යාලයේ මැදිහත්වීමෙන් නවතා දමා ඇත. ඒ සම්බන්ධයෙන් පහත ලේඛන වලින් තහවුරු වේ.

එසේ නම් අනවසර ඉදිකිරීමක් ලෙස ඉවත්කිරීම සදහා පොලිසිය කටයුතු කළේ කුමන හේතුවක් යටතේදැයි අප සොයා බැලීය. මෙම භූමියේ එක් කොටසක ආපන ශාලාවක් ඉදිකර ඇත.මෙම භූමිය පවරා දෙන අවස්ථාවේ ද අනුමැතිය ලැබී ඇත්තේ, විහාරස්ථානයකටය. නමුත් මේ ආකාරයේ ආපනශාලාවක් ඉදිකිරීම නීති විරෝධී බව පවසමින් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් විහාරස්ථානයට එය ඉවත් කිරීමට දැනුම් දී ඇත. පසුව ඒ සදහා අභියාචනාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කාලය ඉල්ලා ඇති අතර ඒ සදහා ද අවස්ථාව ලබා දී ඇත. එම කාලය ඉකුත්ව යාමෙන් පසුවද කිසිදු ප්‍රතිඵලයක් නොමැති නිසා ඉකුත් 16 වනදා වෙරළ සංරක්ෂණ කාර්යාලයෙන් ත්‍රිකුණාමල පොලිසියට කළ පැමිණිල්ලට අනුව එදින රාත්‍රියේ පොලිසිය ක්‍රියාත්මක වී ඇත.

ඒ එම ස්ථානයේ පවතිනවා යැයි සදහන් කරනු ලබන විහාරස්ථානය ඉවත් කිරීමට නොවේ. වෙරළ සංරක්ෂණ කාර්යාලයෙන් දක්වා ඇති අනවසර ඉදිකිරීමක් ලෙස දක්වන ආපනශාලාව ඉවත්කිරීමටය.

කෙසේ නමුත් මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ සහ පාර්ලිමේන්තුවේ දී කතාබහට ලක්වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවී තිබුණේ එම ස්ථානයේ පැවති බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළ බවය.

පොලිස් ස්ථානයේ ඒ සම්බන්ධයෙන් සටහන් දක්වා ඇත්තේ බුද්ධ ප්‍රතිමාවේ ආරක්ෂාව සදහා එම ප්‍රතිමාව එම ස්ථානයෙනි ඉවත් කළ බවයි.

මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.ටර්නි ප්‍රදීප් කුමාර BBC සිංහල පුවත් වෙබ් අඩවිය හා සම්බන්ධව මේ සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ පැහැදිලි කිරීමෙහි මේ සම්බන්ධයෙන් විස්තරාත්මකව කරුණු දක්වා ඇත.

https://www.bbc.com/sinhala/articles/c20erd99p2lo

මෙම සිදුවීමේ නවතම තොරතුරුවලට අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් ඉල්ලා ගොනු කළ පෙත්සම දෙසැම්බර් 16 වන දින කැඳවීමට නියෝග කරමින් අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දී ඇත.

https://www.bbc.com/sinhala/articles/cjd07m0nrx4o

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ දක්වන ආකාරයට ත්‍රිකුණාමල පොලිසිය සම්බන්ධ වී ඉවත් කිරීමට උත්සහ දරා ඇත්තේ අදාළ විහාරස්ථානය නොව එම භූමිය තුළ ඉදි කර ඇති ආපනශාලාවක් බව FactSeeker තහවුරු කරගන්නා ලදී. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ නොමග යවන සුලු බව අනාවරණය විය.

ඡායාරූප අනුග්‍රහය – ශබීර් මොහොමඩ්

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection