Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

False
False

එළැඹෙමින් තිබෙන ශීත ඍතුවට සමගාමීව ස්විට්සර්ලන්තයේ ඊඩ්ල්වයිස් ගුවන්සේවයේ ගුවන්යානාවක් මෙරටට පැමිණිම සම්බන්ධයෙන් විවිධ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

නොවැම්බර් 1, 2025

ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛතම විවේකි ගමන් සපයන ගුවන් සේවය වන්නේ ඊඩ්ල්වයිස් (Edelweiss) ගුවන් සේවයයි. එය ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයේ සහ ලුෆ්තන්සා සමුහයේ අනුබද්ධිත සමාගමකි. එළැඹෙමින් තිබෙන ශීත ඍතුවට සමගාමීව ඊඩ්ල්වයිස් ගුවන් සේවය පසුගිය 28‍ වනදා සුරිච් සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සිය පළමු පියාසැරිය ආරම්භ කළේ ය.

මෙම ගුවන් යානයේ පැමිණිම සමාජ මාධ්‍ය හා බොහෝ මාධ්‍ය හරහා වාර්තා කර තිබුණේ, ඉතිහාසයේ ප්‍රථම වරට ඊඩ්ල්වයිස් (Edelweiss) ගුවන්යානයක් මෙරටට පැමිණි අවස්ථාව ලෙසයි. නමුත් ඇතැම් තැන් වල එය ඉතිහාසයේ පළමු ගුවන් ගමන නොවන බව සහ මීට පෙර සිටම මෙරටට ඊඩ්ල්වයිස් (Edelweiss) ගුවන් සේවා පැවැති බව සදහන් කර තිබුණි. මෙම අදහස් වල පවතින පරස්පරතාව හේතුවෙන් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට FactSeeker කටයුතු කළේය.

ඊඩ්ල්වයිස් (Edelweiss) ගුවන්සේවයට අයත් W.K.064 දරන ගුවන්යානය පසුගිය 28 වනදා උදෑසන 10.03 ‌ට සුරීච් අගනුවර සිට කටුනායක ගුවන් තොටුපල වෙත ළගාවී ඇත. ගුවන් මගීන් 257 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් A-340 වර්ගයේ යානය පෙ.ව. 11.45 ට නැවත පිටත්ව ගොස් ඇත. කෙසේ වෙතත් මෙම ගුවන් ගමන ඉතිහාසයේ ප්‍රථම ගුවන් ගමන ද ? යන්න පිළිබදව සොයා බැලීමේදී පහත තොරතුරු අනාවරණය විය.

ඊඩ්ල්වයිස් (Edelweiss) නිල වෙබ් අඩවිය නිරීක්ෂණය කිරීමේදී 2017 වසරේ නොවැම්බර් 31 වනදා නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයක් හමුවිය. එය 2018 වසරේදී මෙරට ගුවන්ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව දක්වමින් පළ වූවකි. මෙහි කරුණු දක්වා ඇති ආකාරයට 2018 වසරේ ඔවුන්ගේ ගුවන් ගමන් සීමා පුළුල් කිරීමට ශ්‍රී ලංකාව වියට්නාමය සහ සී ෂෙල්ස් දූපත් ඇතුළත් වී ඇත. එමෙන්ම ඔවුන් සතිපතා ඍජු ගුවන් ගමන්වාර 2ක් කොළඹ සිට සූරිච් දක්වා ගමන් කිරීමට එහිදී තීරණය කර ඇති බව ද දක්වා ඇත.

https://www.dailymirror.lk/print/business-news/Switzerland-s-Edelweiss-to-operate-seasonal-flights-between-Zurich-and-Colombo-late-next-year/273-141586

එමෙන්ම මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ද ප්‍රචාරය වී ඇත. මෙරට මාධ්‍ය හරහා ද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබූ අතර Dailymirror වෙබ් අඩවියේ දක්වා ඇති ආකාරයට 2018.11.03 වනදා ගුවන් ගමන් ආරම්භ වන බවත් එහි ගුවන් ගමන් කාලස ටහන ද ඇතුළත් කර තිබුණි.

ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ මෙරට ගුවන් ගමන් සිදු වී ඇත්ද ? යන්න පිළිබදව සොයා බැලීමේදී DailyNews වෙබ් අඩවිය වාර්තා කරතිබූ පුවතක් හමුවිය.

https://archives1.dailynews.lk/2018/11/08/business/167867/edelweiss-commences-flights-colombo

2018.11.04 වනදා ඊඩ්ල්වයිස් ගුවන් සේවය මෙරට ගුවන් ගමන් ආරම්භ කර ඇති බව එහි සඳහන් වී තිබිණි. ඒ සම්බන්ධයෙන් තවත් සමාජ මාධ්‍ය ජාල හරහා ද තොරතුරු හුවමාරු කරගෙන තිබුණි. එම අවස්ථාවේ ගත් ඡායාරූප එකතුවක් ද ඒ අතර විය.

ඒ අනුව මෙය ඉතිහාසයේ ප්‍රථම වරට ඊඩ්ල්වයිස් (Edelweiss) ගුවන්යානයක් මෙරටට පැමිණි අවස්ථාව නොවන බව පැහැදිළිය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන්ද විමසීමක් කළෙමු. ඒ අනුව එම ගුවන් සේවා සම්බන්ධයෙන් මෙහෙයුම් නිලධාරිනියක ලෙස කටයුතු කරන දිලිනි රත්නායක පවසා සිටියේ, ඉතිහාසයේ ප්‍රථම වරට ලෙසින් සදහන් වීම නිවැරදි නොවන බවයි. එම ගුවන් සේවය ආරම්භ වීමෙන් පසු වසර දෙකෙන් දෙකට මෙම සේවය නොකඩවා ක්‍රියාත්මක වූ බවත් ඇය සදහන් කළාය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඊඩල්වයිස් (Edelweiss) ගුවන්සේවයෙන් ගුවන්ගමන් ආරම්භ වෙමින් ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන්යානයක් පැමිණි බවට සාමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සාවද්‍ය බව FctSeeker තහවුරු කරගන්නා ලදී

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection