Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මියගිය බවට පළ වන පුවත් අසත්‍යයි.

False
False

මෙරට ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන අයිරාංගනී සේරසිංහ මියගොස් ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

සැප්තැම්බර් 9, 2025

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අයිරාංගනී සේරසිංහ මහත්මිය මිය ගොස් ඇති බවත් ඇයට නිවන් සුව පතමිනුත් මෙම පෝස්ටු සංසරණය වී තිබුණි.
එමෙන්ම ඇය මෙරට කලා ක්ෂේත්‍රයට කළ අනුපමේය සේවය අගයමින් බොහෝ දෙනෙකු මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය සංවේගය පළ කර තිබූ අතරම ඇතැම් පිරිස් ඇය මිය ගිය බව කියන පුවත අසත්‍ය බව දක්වා තිබුණි.

ඇත්තෙන්ම ඇය මිය ගියේද? යන්න පිළිබදව FactSeeker සොයා බැලීය.
ඒ අනුව අයිරාංගනී සේරසිංහ මහත්මිය මිය යාම සම්බන්ධයෙන් නිල වශයෙන් හෝ විශ්වාසදායක ලෙස තහවුරු කළ හැකි පළ කිරීමක් ඇත්ද යන්න සොයා බැලූ නමුත් එවැන්නක් නිරීක්ෂණය නොවුණි. එමෙන්ම එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී පැය කිහිපයක් ගත වන විටම එම පුවත සාවද්‍ය බවත් ඇය නිරෝගී සුවයෙන් සිටින බවටත් බොහෝ රංගන ශිල්පීන් විසින් තහවුරු කොට තිබුණි. එමෙන්ම දැනට 98 වියෙහි පසුවන ඇයට දීර්ඝායුෂ ද පතා තිබුණි.

මේ සම්බන්ධයෙන් ඇගේ සමීපතමයෙකු හා ලේඛකයෙකු ද වන කුමාර් ද සිල්වාගෙන් කළ විමසීමේදී එම පුවත සාවද්‍ය බවත් ඇය සුවෙන් සිටින බවත් සදහන් කලේය. එමෙන්ම ඇය සම්බන්ධයෙන් ඔහුගේ Facebook ගිණුමේද සටහනක් තබා තිබුණි.

https://www.facebook.com/share/p/17MbCGUztX/

එසේම ඇය සුවෙන් සිටින බවට ලබාගත් වීඩියෝපටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර තිබුණි.
https://www.facebook.com/share/v/1Cmttx9kzE/

එමෙන්ම මෙවැනිම පළකිරිම් මීට පෙරදීද සිදුකර ඇති බවත් එවැනි අවස්ථාවන් වලද මෙවැනිම වූ නිවැරදිකිරීම් පළකර ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ විමර්ෂණය කිරීමේදී අනාවරණය විය.

මේ අනුව මෙරට ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් සාවද්‍ය බවත් ඇය නිරෝගී සුවයෙන් පසුවන බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection