රාවණා රජු සැඟවූ ගුවන් යානා සොයන බවට පළ වන පුවත් සාවද්‍යයි

රාවණා රජු විසින් නිර්මාණය කරන ලදැ යි සදහන් ගුවන් යානා සෙවීම සදහා සුදානම් වන බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.
by Anonymous |
සැප්තැම්බර් 8, 2025

මෙරට ඉතිහාසයේ පුරාවෘතයක් ලෙසින් පවතින රාවණා රජ සමය සහ එහි තාක්ෂණය පිළිබදව බොහෝ මත සමාජය තුළ පවතී. මේ අතර රාවණා රජු විසින් සඟවා ඇති ගුවන් යානා සෙවීම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ ඒකකය සුදානම්ව සිටින බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker ට නිරීක්ෂණය විය.
https://www.ceylonwire.lk/civil-aviation-authority-is-preparing-to-search-for-aircraft/
රාවණා විසින් ස්ථාන 25 ක සගවා ඇති ගුවන් යානා 19ක් මේ අයුරින් සෙවීම සදහා සැලසුම් කර ඇත. එමෙන්ම දැනට තිබෙන තොරතුරුවලින් මෙම ගුවන් යානා කුරුණැගල, වාරියපොළ, සීගිරිය, දඹුල්ල, බදුල්ල, මහියංගනය සහ හම්බන්තොට ඇතුළු කඳුකර ප්‍රදේශවල ගුහාවල සහ භූගතව සඟවා ඇති බවට අනාවරණය වී ඇති බවද මෙහි වැඩිදුරටත් සදහන් වෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ, සංවර්ධන සහ සැලසුම් අංශයේ කළමනාකාරවරයාගෙන් ද මේ සම්බන්ධව කරුණු විමසූ බවත් ඔහුගේ අදහසක්ද මෙම ප්‍රවෘත්තියට ඇතුළත් කර තිබුණි.
ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබදව FactSeeker කරුණු පරීක්ෂා කළේය.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ , සංවර්ධන සහ සැළසුම් අංශයේ කළමණාකාරවරයාගෙන් විමසීය. එහිදී ඔහු සඳහන් කළේ, එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවය. තමා එවැනි ප්‍රකාශයක් නොකළ බවත් මීට වසර 5 හෝ 6 කට ඉහතදී එවැනි පර්යේෂණයක් කළ නමුත් එය සාර්ථක වී නැති බවත් වැඩිදුරටත් කරුණු විමසීමේදී ඒ මහතා සදහන් කළේය. ඔහුගේ facebook ගිණුම තුළ ද මේ සම්බන්ධයෙන් සටහනක් තබා තිබුණි.
https://www.facebook.com/share/p/1AB6rmz2zX/
මේ සම්බන්ධයෙන් තවදුරටත් කළ කරුණු විමර්ෂණයේදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක්ද හමුවිය.
https://www.facebook.com/share/p/1FN2AoAsVM/
මෙම කරුණු අනුව රාවණා විසින් සඟවා ඇති ගුවන් යානා 19ක් පිළිබදව සෙවීම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ ඒකකය සුදානම් වන බවට පළවන වාර්තා අසත්‍ය බවට FactSeeker තහවුරු කරයි.