කාජල් අග්‍රවාල් මියගොස් ඇති බවට පළවන වීඩියෝ අසත්‍යයි

ජනප්‍රිය දකුණු ඉන්දියානු නිළියක මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ දර්ශන පෙළක් FactSeeker අවධානයට යොමුවිය.
by Anonymous |
සැප්තැම්බර් 3, 2025

දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නිලි කාජල් අග්‍රවාල් මෙසේ හදිසියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මිය ගොස් ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා වීඩියෝ දර්ශන සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.
https://www.facebook.com/share/r/15rQy2Wzs2/
https://www.facebook.com/share/v/14Ew2fccrVX/
ඇය සමග රංගනයේ යෙදෙන වෙනත් කොලිවුඩ් සහ බොලිවුඩ් නලු නිලියන් සංවේදී වූ අවස්ථාවන් දක්වමින් ඒවාට කාජල් අග්‍රවාල්ගේ ඡායාරූප එක් කරමින් මෙම වීඩියෝ පට සකස් කොට තිබුණි. බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද සංවේදි වෙමින් මෙම වීඩියෝ පට හුවමාරු කරගෙන තිබූ බැවින් FactSeeker මේ පිළිබදව සොයා බැලීය.
මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී කාජල් අග්‍රවාල් මියගොස් ඇති බවට හෝ අනතුරට පත්ව ඇති බවට කිසිදු නිල සඳහන් කිරීමක් නොවන බව නිරීක්ෂණය විය.
ඒ අනුව අප ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂා කර බැලීය. ඇය මියගොස් ඇති බවට වීඩියෝ පට සංසරණය වී තිබුණේ සැප්තැම්බර් 01 සහ 02 යන දිනයන්හිදීය. එම දිනවල ඇගේ සමාජ මාධ්‍ය පළකිරිම් පිළිබදව නිරීක්ෂණයේදී ඒ ආසන්නතම ඇගේ Instagram පළකිරීම් හමුවිය.
https://www.instagram.com/p/DN8mrVzARM8/?igsh=MTdhY3ZrNDMzN3Rzdw==
ඒ අනුව මේ දිනවල ඇය සහ ඇගේ පවුලේ සමාජිකයින් මාලදිවයිනට අයත් ෆෙයිදු දූපතේ dusitD2 Feydhoo නම් නිවාඩු නිකේතනයේ තම විවේකය ගත කරමින් සිටී. එහි ඡායාරූප එකතුවක් ඇය සමාජ මාධ්‍ය වෙත එක් කොට ඇත. එමෙන්ම ඇය විසින් එක් කරනු ලැබූ මෙම සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් වෙනත් වෙබ් අඩවි හරහා ද පළකොට තිබුණි.
ඒ අනුව ජනප්‍රිය ඉන්දියානු නිළියක් වන කාජල් අග්‍රවාල් මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍ය බව FactSeeker තහවුරු කරයි.