ජනපති අනුරගේ නියමයෙන් තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාවේ තහනම් ද?

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පී ජෝශප් විජේ (තලපති විජේ) රංගනයෙන් දායක වන චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් වත්මන් ජනාධිපතිවරයා නියෝග කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් Fact Seeker හට නිරීක්ෂණය විය.
by Anonymous |
අගෝස්තු 27, 2025

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පී ජෝශප් විජේ (තලපති විජේ) රංගනයෙන් දායක වන චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය තහනම් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක නියෝග කර ඇති බව සදහන් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු අපට දැකගත හැකි විය.
“තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය තහනම්!ජනපති අනුර නියෝග කෙරේ .” යනුවෙන් හුවමාරු වන මෙම ප්‍රවෘත්තිය නිරීක්ෂණය කිරීමේදී එය සිරස නාලිකාවේ News first නිල ලාංඡනය සහිතව 2025.08.25 වෙනි දින www.Newsfirst. lk වෙබ් අඩවියේ පළ කර ඇති බව දැක ගත හැකි විය.
එම පුවත පහතින්:
https://www.facebook.com/share/p/15Be2WfpmNi/?mibextid=wwXIfr
ඒ අනුව Factseeker මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව කරුණු පරීක්ෂා කළේ ය.
එහිදී අපි ජෝශප් විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබේද? යන්න පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළෙමු. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ , ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එවැනි නියෝගයක් කර නැති බවයි.
මෙවැනි පුවතක් 2025.08.15 දින www.Newsfirst.lk වෙබ් අඩවියේ හෝ එම සමාජ මාධ්‍ය පිටුවල පළ කර ඇතිදැයි වැඩිදුරටත් සොයා බැලීමේදී එවැනි පුවතක් පළ කර නොමැති බවට තහවුරු විය.
අපි මේ සම්බන්ධයෙන් සිරස News first ප්‍රවෘත්ති අංශයෙන් කළ විමසීමේදී ඔවුන් ද ප්‍රකාශ කළේ, සිය නාලිකාවේ හෝ වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍ය පිටුවක හෝ එවැනි පුවතක් පළ නොකළ බවයි.
ඒ අනුව ජෝශප් විජේ රංගනයෙන් දායක වන සිනමා පට ලංකාව තුළ ප්‍රදර්ශනයට තහනම් යනුවෙන් ජනාධිපති නියෝගයක් ලෙස දැක්වෙන පුවත සාවද්‍ය බව Factseeker කරුණු තහවුරු කරයි.